Photography සිංහලෙන් අඩවිය දැන් අක්‍රිය කර ඇති අතර නවතම ආරක වෙබ් අඩවියකින් අපි ඔබ වෙත පැමිණෙමු.
Photography සිංහලෙන්
මම Madhawa, මහලොකු ඡායාරූප ශිල්පියෙක්වත් ඡායාරූපකරණය ගැන උපාධියක් තියෙන පුද්ගලයෙක්වත් නෙමෙයි, ඒත් ඡායාරූපකරණයට ආසාවක් තියෙන කෙනෙක්. මම දන්න පොඩි දැනුම බෙදාගන්න හිතුව.
සිංහලෙන් Photography ගැන සයිට් එකක් නැති නිසා මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
Site for teaching Photography in Sinhala.
මෙම අඩවිය දැන් අක්‍රියව පවතී. නව අඩවියට පිවිසීමට www.photographylk.com වෙත පිවිසෙන්න.
Monday, February 6, 2012
Tuesday, May 24, 2011
අපගේ නව නිවස roosara.net
"Photography සිංහලෙන්" අපි දැන් ඉන්නෙ roosara.net වල.
roosara.info ඩොමේනය ඉවත් කරල දැන් roosara.net වලට මාරු උනා. කාටහරි මේකෙන් කරදරයක් උනා නම් සමාව ඉල්ලනවා.
අපිත් එක්ක හිටපු හැමෝම, හැමදාම ඉඳී කියල හිතනවා.
Thursday, October 14, 2010
"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි
"Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය පටන් ගත්තෙ හරියටම 2009 වසරේ අද වැනි දිනක (08.14 වන දින)
මුල්ම ලිපිය උනේ මෙන්න මේක.
මේ අඩවිය පටන් ගන්න හේතු උනේ, මම විශ්ව විද්‍යාලයේදී ඡායාරූකරණය ඉගෙන ගැනීම. ඒ හරහා මට ඡායාරූපකරණය ගැන ලොකු ආසාවක් ආව. ඒ ගැන තව තවත් ඉගෙන ගන්න ඕනෙ උනා, ඒ එක්කම, ඒ දැනගන්න දේවල් අනෙත් අය එක්ක බෙදා හදා ගන්න ඕනෙ උනා.
ඉතින් ඒ වෙනුවෙන් මම මේ අඩවිය සකස් කළා.
ඉතින් මම ලෙක්වර් වල ඉගෙන ගත්තු දේවල් පිළිබඳ ලිපි ලිව්ව, තව තවත් වෙනත් අඩවි, පොත් මගින් තවත් ඉගෙන ගත්ත, ඒ ඉගෙන ගන්න දේවල් ගැන ලිව්ව.
ඔන්න ඔය අතරෙ LKServers ආයතනයෙන් ඔවුන්ගේ Promotion එකක් විදිහට සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් අවකාශයක් ලබා දෙන වැඩසටහනක් පැවැත්වුවා, මමත් ඒකට ඉල්ලුම් කළා, මගෙ මේ බ්ලොග් අඩවියටත් ඒ අවස්ථාව ලැබුනා.
ඉතින් මගෙ මේ "Photography සිංහලෙන්" අඩවිය Blogger මතින් Self hosted Wordpress මතට Roosara කියන නමත් එක්ක, මාරු උනා. (ඒ 2010 මාර්තු මස)
මේ වසර තුළ මෙම බ්ලොග් අඩවියට "සතියේ ඡායාරූපය" කියල අළුත් අංගයකුත් එකතු උනා. තවත් දේවල් කිහිපයක් ඉදිරියේදී එකතු වෙන්න තිබෙනවා. මනුශාන් සහෝදරයා එක්ක, තවත් දේවල් කිහිපයක් සැලසුම් කරමිනුයි ඉන්නෙ.
මේ වසරක කාලය තුළ මෙම අඩවිය එක්ක එකතු වෙලා හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. බ්ලොගර් වල සිට වර්ඩ්ප්‍රෙස් මතට ඒමත් සමඟ comments නම් සැළකිය යුතු ලෙස අඩු උනා, හේතුවක් නම් දන්නෙ නෑ. නමුත් එන අයගේ නම් අඩුවක් දැනුනේ නෑ.
ඉදිරියටත් මේ හැමෝම මෙම අඩවිය එක්ක එකතු වෙලා ඉදීවි කියල විශ්වාස කරනවා.
ඔබ ඕනෑම කෙනෙකුට පුළුවන් මෙම අඩවියට සහයක් වෙන්න, විශේෂයෙන්ම ලිපි ලිවීමෙන්. (මටත් තිබෙන කාලය ටික ටික අඩු වෙලා යනවා.)
එහෙනම්, "රූසර අඩවියට සුභ උපන්දිනයක් වේවා!!!"
Saturday, August 28, 2010
roosara.info හි Feed ලිපිනය වෙනස් වෙයි
roosara.info හි Feed ලිපිනය වෙනස් වෙයි.
කරුණාකර, නව feed ලිපිනය හරහා අපගේ වෙබ් අඩවිය සමඟ එක් වන්න.
මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නවත්වනු ලබයි.
සියළුම ලිපි මින් පසු පළ වන්නේ roosara.info අඩවිය තුළම පමණී.
අප සමඟ මෙතෙක් එකතුව සිටි ඔබ සැමට ස්තුතියි, ඉදිරියටත් ඔබගේ සහභාගිත්වය හා සහය බලාපොරොත්තු වෙමු.
නවතම පහසුකම් සමභින් roosara.net අඩවියද තවත් දින කිහිපයකින් ප්බ අතට පත් කරන්නට බලාපොරොත්තු වෙමු.
Subscribe to:
Posts (Atom)