Showing posts with label holding a camera. Show all posts
Showing posts with label holding a camera. Show all posts

Saturday, October 17, 2009

ත්‍රිපාදයක් (Tripod) භාවිතය


අඩු ශටර වේගයක් යොදාගෙන ඡායාරූප ගැනීමේදී ත්‍රිපාදයක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද කිව්වොත් කැමරාවේ ශටරය දිගු වේලාවක් විවෘතව තිබෙන නිසා කැමරාව නිශ්චලව පැවතීම අනිවාර්යයි. නැතිනම් ඡායාරූපය සෙලවී බොඳවී යනව. මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව wider aperture එකක් පාවිච්චි කරල ඡායාරූප ගන්න. අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමේදී මෙය අත්‍යවශ්‍යයි. Telephoto lens එකක් භාවිතා කරන අවස්ථා වල, macro lens එකක් භාවිතා කරන අවස්ථා වලදිත් ත්‍රිපාදයක් භාවිතා කළ යුතුයි.
ත්‍රිපාදයක් එහෙ මෙහෙ අරන් යන්න අමාරු නම් monopod එකක් අරන් යන්න. ඒකෙ තියෙන්නෙ එක කකුලයි. රැගෙන යාමත් ලේසියි. අඩු ඉඩක් ගන්නෙ, කුඩා ඉඩක උනත් පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්.

දැන් ජංගම දුරකථන වලටත් ත්‍රිපාද තියෙනව, ජංගම දුරකථන කැමරාවකිනුත් ලස්සනට ඡායාරූප ගන්න පුළුවන්, මේව පාවිච්චි කරල.

වැදගත් දෙයක්, ඔබේ කැමරාවෙ/කාච පද්ධතියෙ Image Stabilization හෝ Vibration Reduction පිළිබඳ සැකසුම් තිබෙනව නම් ඒව අක්‍රිය කරන්න. (දෙකෙන්ම කරන්නෙ එකම දේ නෙ, ඉතින් මොකටද එකම වැඩේ කරන්න දෙකක් පාවිච්චි කරන්නෙ.) නැත්තම් සමහර කැමරාවල නම් ත්‍රිපාදයක් සම්බන්ධ කරල කියල හඳුනා ගන්න උපක්‍රමත් තියෙනව.

Friday, September 11, 2009

කැමරාව නිවැරදිව අල්ලා ගන්නේ කෙසේද? – 2

පසුගිය ලිපිය හා සම්බන්ධයි. මේ එම ලිපියේ දෙවන කොටසයි.


පහත් මට්ටම් වල සිට ඡායාරූප ගැනීමේ ක්‍රම
ඡායාරූපයක් ගන්නකොට හැමවෙලේම හිටගෙන ගන්න බෑනෙ. බිමට පහත් වෙලා ඡායාරූපය ගන්න වෙන අවස්ථා බොහොමයි. කොහොමද එතකොට කැමරාව අල්ල ගන්නෙ. බලන්න මේ රූපය දිහා.


කැමරාව අල්ල ගන්න ආකාරය පෙර පරිදිමයි, මේ ඉන්න විදිහට අත් දෙක ඇඟට ලන් කරල ඉන්න බෑනෙ, මොකද කරල තියෙන්නෙ? අත් දෙකේම බර දණිස් දෙකට දීල. එතකොට ඉස්සෙල්ල වගේම තාමත් කැමරාව ස්ථායී.
පොඩ්ඩක් ඇඳුම් වල කුණු දූවිල්ල ගෑඋනාට කමක් නැත්තම් වැඩිපුර හිතන්නෙ නැතුව හොඳට හරි බරි ගැහිල බිම ඉඳගන්න, ඒක තමයි හොඳම ක්‍රමේ. මෙන්න බලන්න මේක.



බිම වැතිරී ඡායාරූප ගැනීම
Macro ඡායාරූපයක් වගේ ගන්නකොට ඡායාරූපයට ලක් වන දේට හුඟක් ලං වෙන්න ඕනෙ, ඒක තියෙන්නෙ පොළව මට්ටමේ නම්? එක දෙයයි කරන්න තියෙන්නෙ,
බිම දිගා වෙන්න.

හැම වෙලේම මතක තියාගන්න ඔබේ ශරීරය tripod එකක් කරගන්න, අත් දෙක හා නළල.


ආධාරක උපයෝගී කර ගැනීම
මම හැම වෙලේම කිව්වනෙ ස්ථාවරත්වය තමයි වැදගත්ම කියල. ඉතින් පුලුවන් කමක් තියෙනවනම් බාහිර ආධාරක උපයෝගී කරගන්න පැකිලෙන්න එපා. බිත්තියක්, ගහක්, වාහනයක්, කණුවක්, ඕනෙම දෙයක්.
බිත්තියක් වගේනම් ඔබට පුලුවන් කැමරාව ඒ මත තියල ඔබත් බිත්තියට හේත්තු වෙලා ඡායාරූපය ගන්න. (එහෙම ගන්න පුලුවන් එකක් නම් ඔබ ගන්නෙ.)


දැන් හරි, දැන් තියෙන්නෙ ඡායාරූපයක් ගන්න.
තව වැදගත් දෙයක් තියෙනව කියන්න, ඡායාරූපය ගනිද්දි හුස්ම ගන්න එපා (shutter බොත්තම ඔබද්දි). හුස්මක් අරන් හිර කරගෙන ඡායාරූපය ගන්න, නැත්තම් හුස්ම හෙලුවට පස්සෙ ගන්න.

Tuesday, September 8, 2009

කැමරාව නිවැරදිව අල්ලා ගන්නේ කෙසේද? - 1

සමහරු හිතන්න පුලුවන් මේක කිසිම ප්‍රයෝජනයක් නෑ කියල, ඒ උනාට මේකත් හුඟක් වැදගත් දෙයක්.
ඔබට පුළුවන්ද කැමරාව ස්ථායීව දිගු වේලාවක් එකම ආකාරයට අල්ලාගෙන ඉන්න? ඔබ භාවිතා කරන්නෙ විශාල කාච පද්ධතියක් සහිත DSLR එකක් නම්? හරියට කැමරාව අල්ලගන්න බැරුව ඔබ ගත්තු ඡායාරූප කීයක් බොඳ වෙලා තියෙනවද?
අන්න ඒ හින්දයි, ඔබ කැමරාවක් ගත්තම ඒක නිවැරදිව අල්ලාගන්නා ආකාරය ඉගෙන ගත යුත්තේ. කැමරාවේ නිවැරදි ග්‍රහණය තමයි, තියුණු ඡායාරූපයක පාදම වෙන්නෙ.
කැමරාව අල්ලා ගන්නා ආකාරය කැමරාව අනුව වෙනස් වෙනව.

මූලික සිට ගැනීමේ ඉරියව්ව
බලන්න මේ ඉරියව්ව දිහා, මේක තමයි, DSLR/ASLR එකක් අල්ල ගන්න මූලික ඉරියව්ව.


කැමරාව නළලට සිරකරගත යුතුයි, වම් අතේ අල්ල උඩට කැමරාවෙ බර දෙන්න, දබරැඟිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි කාචය අල්ලා ගන්න. දකුණු අතේ දබරැඟිල්ල පාවිච්චි කරන්න shoot බොත්තම ඔබන්න, අනෙක් ඇඟිලි 4න් කැමරාව අල්ලා ගන්න. වැලමිටි දෙක ඇඟට හිරවෙන්න තියාගන්න. ඔබට tripod එකක් නැති නිසා තමුන්ගෙ ශරීරය tripod එකක් කරගන්න ඕනෙ කැමරාවට.
මේ ක්‍රම නම් සම්පූර්ණයෙන් වැරදි ක්‍රම. එය ඡායාරූපයට වගේම කැමරාවටත් හොඳ නැති ක්‍රම.

සිටගෙන සිටීමේදී පාද පිහිටිය යුතු ආකාරය
පුලුවන් තරම් ශරීරය ස්ථායීව තබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නෙ. ඉතින් ඒකට පාද තබා ගත යුතු ආකාරයත් වැදගත්.
පාද දෙක ඈත් කරල, වම් කකුල ටිකක් ඉදිරියට තබල, ඉනෙන් ඇඟ ටිකක් පසු පසට බර කරල, කැමරාවේ බර තමුන්ගේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන විදිහට ඉන්න. ඒක තමයි හරිම ක්‍රමය.
කැමරාව සිරස් අතට අල්ලා ගන්නා ආකාරය.
සිරස් අතට ඡායාරූපයක් ගැනීමේදී කැමරාව අල්ලන ආකාරය පොඩ්ඩක් වෙනස් වෙනව. බලන්නකො මේ රූපය දිහා.
කැමරාව අංශක 90ක් භ්‍රමණය කරන්න, කැමරාව ඇසෙන් ඉවතට ගන්නෙ නැතුව. වම් අතෙන් කැමරාවෙ කාච කොටස අල්ලගෙන ඉන්න ගමන්ම. ඔබ චලනය කළ යුත්තේ දකුණු අත පහළටයි, ඉහළට නොවෙයි. හැම වෙලේම අත් දෙක ඇඟට තද වෙලා තියෙන්න ඕනෙ.
මේ ක්‍රමයට අමතරව තව ක්‍රමයක් තියෙනව.
මේක බලන්න. මොකද හිතෙන්නෙ?



මේකත් ඉතාම හොඳ පහසු ඉරියව්වක්. කැමරාව ඔබේ දකුණු අතේ වැලමිට උඩින් තියා ගන්න. (ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න.) දවස පුරාම ඡායාරූප ගන්න අයට මේක හොඳ ඉරියව්වක්, අතටත් ටිකක් විවේකයක් ලැබෙනවනෙ.
හැබැයි මේකෙ තියෙන දුර්වලතාවය තමයි, කාචය සම්බන්ධ වෙනස් කිරීම් කළ නොහැකි වීම.


අපි මෙච්චර වෙලා කතා කළේ ලොකු ලොකු කැමරා ගැනනෙ.


ඔබට තියෙන්නෙ සාමාන්‍ය සංයුක්ත ඩිජිටල් කැමරාවක්ද?

ඒකත් හිතුනු හිතුනු විදිහට අල්ලන්න බෑ. මොකද ඒකටත් සෙලවීම් වගේ දේවල් පොදුයි. හුඟක්ම සංයුක්ත ඩිජිටල් කැමරා වල view finder එකක් නෑ, තියෙන්නෙ LCD තිරයක් විතරයි. අනික ඒව හරිම පුංචි නිසා තදින් අල්ලගන්නත් බෑ.
View finder එකක් තියෙනවනම් අනිවාර්යයෙන් ඒක පාවිච්චි කරන්න.
මේකටත් අර මුලින් කිව්ව නීති ටික බලපානව. අත් දෙකෙන්ම අල්ලන්න, අත් දෙක ඇඟට හිර වෙන විදිහට වැලමිටි ඇඟට තද කරල තියාගන්න.
පටියක් තිබෙනවනම්, අනිවාර්යයෙන්ම ඒක මැණික් කටුව වටේ ඔතාගන්න.

වම් අතේ ඇඟිලි ටික බලන්න. ඒව හරියට තියාගන්න, නැත්තම් ඒව කාචය ඉදිරියට ඇවිල්ල දන්නෙම නැතුව කාචය වසා ගනීවි.
නැත්තම ලේසිම ක්‍රමේ තමයි මේක. කැමරාව වම් අතේ අල්ල උඩින් තියාගන්න, මහපට ඇඟිල්ලෙන් කැමරාව තද කරල අල්ල ගන්න.

සිරස අතට අල්ලන්නෙ කොහොමද? මෙන්න මෙහෙමයි. බලන්නකො.




තවම ඉවර නෑ, ඊලඟ ලිපියෙන් කියන්නම්, වඩා පහත් මට්ටම් වල ඉඳල ඡායාරූපයක් ගන්නකොට මොකද කරන්න ඕනෙ කියල හා වෙනත් ආධාරක උපයෝගී කරගන්නෙ කොහොමද කියල.