Showing posts with label sport photography. Show all posts
Showing posts with label sport photography. Show all posts

Wednesday, July 14, 2010

ක්‍රීඩා වල ඡායාරූප ගැනීම

ක්‍රීඩා කියන්නෙ ඉතා වේගවත් ක්‍රියාකාරකම් තියෙන අවස්ථා, ඉතින් ඒ වගේ වෙලාවල් වල ඡායාරූප ගන්නකොට හරියට අවශ්‍ය දේ ගන්න වේගවත් වෙන්න ඕනෙ.
ඔබට සැලැස්මක් තියෙන්න ඕනෙ. මුලින්ම තීරණය කරල ඉන්න ඔබට ගන්න ඕනෙ මොනවගේ අවස්ථාද කියල. අනිවාර්යයෙන්ම ඒ අදාල ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන්න ඕනෙ, ඔබට අවශ්‍ය ආකාරයේ ඡායාරූප ගන්න නම්.
පුළුවන් තරම් උත්සාහ කරන්න, ඡායාරූප ගන්න ඉතාම ගැළපෙන තැනින් කැමරාව තියාගන්න. ක්‍රීඩාවේ හැටියට එම ස්ථානය වෙනස් වෙන්න පුළුවන්, නමුත් ඉර ඔබට පිටුපසින් තබාගන්න.