හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.
සම්පූර්ණ ලිපිය කියවන්න.
මම Madhawa, මහලොකු ඡායාරූප ශිල්පියෙක්වත් ඡායාරූපකරණය ගැන උපාධියක් තියෙන පුද්ගලයෙක්වත් නෙමෙයි, ඒත් ඡායාරූපකරණයට ආසාවක් තියෙන කෙනෙක්. මම දන්න පොඩි දැනුම බෙදාගන්න හිතුව.
සිංහලෙන් Photography ගැන සයිට් එකක් නැති නිසා මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
Site for teaching Photography in Sinhala.
මෙම අඩවිය දැන් අක්‍රියව පවතී. නව අඩවියට පිවිසීමට www.photographylk.com වෙත පිවිසෙන්න.
Showing posts with label depth of field. Show all posts
Showing posts with label depth of field. Show all posts
Saturday, July 24, 2010
Saturday, April 10, 2010
Point-&-Shoot කැමරාවකින් Depth එක පාලනය කරමු
කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම

කලින් ලිපියෙදී අපි ඡායාරූපයක් ගන්න විට එහි ගැඹුර පාලනය කරන හැටි ගැන කිව්වා මතක ඇති. ඒක බැලුවේ නැත්නම් මේ ලිපිය කියවන්න කලින් ඒක කියවන්න. (http://roosara.info/2010/04/depth-of-field/ ) සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය ගැන කතා කරන විට ඒකට අනිවාර්යයෙන් ම පදනම් වෙන්නේ SLR කැමරාව. ඒත් බහුතරයක් වන විනෝදාංශයක් හැටියට, ආසාවට Photos ගන්න අය පාවිච්චි කරන්නේ Point-&-Shoot කැමරා (Compact Digital Camera). මේ අයට ඡායාරූප ශිල්පයේ සිද්ධාන්න අයිති නැත් ද ? අපි මෙතන කියන වැඩ කෑලි දාලා ලස්සනට ඡායාරූපයක් ගන්න SLR කැමරාවක්ම ඕනෙද
Saturday, April 3, 2010
Depth of Field | ක්ෂේත්‍ර ගැඹුර ගැන තවත් විස්තර
කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම
අපේ පාඨකයන්ට මතක ඇති මීට පෙර ලිපියකින් (http://roosara.info/2010/03/කැමරාව-හා-බැඳුනු-ප්‍රධාන/)Depth of Field , නැත්නම් ක්ෂේත්‍ර ගැඹුර ගැන හඳුන්වා දුන්නා. ඒත් ඒ ගැන වැඩි විස්තර සඳහන් උනේ නෑ. දැන් කියන්න යන්නේ මේ Depth of Field පාලනය කරන හැටි හා පාලනය කරලා නිර්මාණාත්මක ඡායාරූපයක් ගන්න හැටි ගැනයි.

Monday, December 28, 2009
ඡායාරූපයක ගැඹුර (DOF)
ඡායාරූපයක ගැඹුර නැත්තම් Depth Of Field කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ල ලිපියක මම කියල ඇති. (ඒක මෙතනින් කියවන්න)
ඉතින් ගැඹුර වැඩි නම් (larger DOF) ලඟ වගේම ඈත වස්තුත් නාභිගත වෙනව, ගැඹුර අඩු නම් (shallow DOF) එක වස්තුවක් නැත්තම් එක තලයක් විතරයි නාභිගත වෙන්නෙ.
කොහොමද ගැඹුර අඩු ඡායාරූපයක් ගන්නෙ?
මෙහිදී පසුබිම ඇති වස්තූන් බොඳ කරල දාල අවශ්‍ය වස්තුව පමණක් තියුණුව පැහැදිලිව, මතු කරල ලබා දෙනව.
මේක කරන්න පුළුවන් අවස්ථා 2ක් තියෙනව.
Portrait Mode
මුලින්ම කැමරාව Portrait mode එකට දාගන්න. එතකොට කැමරාව විශාල aperture එකකට සකස් වෙනව.
ඕනෙ නම් Aperture Priority mode එකට දාගෙන අවශ්‍ය පරිදි සැකසුම් සකසා ගන්න.
අවශ්‍ය අවස්ථා වල telephoto lens එකක් භාවිතා කරන්න.
වස්තුව / පුද්ගලයා මගින් ඡායාරූපය පුරවාගන්න.
වස්තුවට ලන් වෙන්න ලන් වෙන්න DOF අඩු වෙනව.
දැන් හරි, ඡායාරූපය ගන්න.
Macro Mode
මේකෙත් වැඩි වෙනසක් නෑ. portrait mode එකට නැතුව macro mode එකට කැමරාව සකසාගන්න.
ඊට පස්සෙ වස්තුවට ලන් වෙලා, හරියට නාභිගත කරගෙන ඡායාරූපය ගන්න තමා තියෙන්නෙ.
අවශ්‍ය නම් macro lens එකක් භාවිතා කරන්න.
ඊලඟ ලිපියෙන් RAW images ගැන බලමු.
ඉතින් ගැඹුර වැඩි නම් (larger DOF) ලඟ වගේම ඈත වස්තුත් නාභිගත වෙනව, ගැඹුර අඩු නම් (shallow DOF) එක වස්තුවක් නැත්තම් එක තලයක් විතරයි නාභිගත වෙන්නෙ.
කොහොමද ගැඹුර අඩු ඡායාරූපයක් ගන්නෙ?
මෙහිදී පසුබිම ඇති වස්තූන් බොඳ කරල දාල අවශ්‍ය වස්තුව පමණක් තියුණුව පැහැදිලිව, මතු කරල ලබා දෙනව.
මේක කරන්න පුළුවන් අවස්ථා 2ක් තියෙනව.
- Portrait Mode
- Macro Mode
Portrait Mode
මුලින්ම කැමරාව Portrait mode එකට දාගන්න. එතකොට කැමරාව විශාල aperture එකකට සකස් වෙනව.
ඕනෙ නම් Aperture Priority mode එකට දාගෙන අවශ්‍ය පරිදි සැකසුම් සකසා ගන්න.
අවශ්‍ය අවස්ථා වල telephoto lens එකක් භාවිතා කරන්න.
වස්තුව / පුද්ගලයා මගින් ඡායාරූපය පුරවාගන්න.
වස්තුවට ලන් වෙන්න ලන් වෙන්න DOF අඩු වෙනව.
දැන් හරි, ඡායාරූපය ගන්න.
Macro Mode
මේකෙත් වැඩි වෙනසක් නෑ. portrait mode එකට නැතුව macro mode එකට කැමරාව සකසාගන්න.
ඊට පස්සෙ වස්තුවට ලන් වෙලා, හරියට නාභිගත කරගෙන ඡායාරූපය ගන්න තමා තියෙන්නෙ.
අවශ්‍ය නම් macro lens එකක් භාවිතා කරන්න.
කොහොමද ගැඹුර වැඩි ඡායාරූපයක් ගන්නෙ?
මේ ආකාරයේ ඡායාරූප ගන්න පාවිච්චි කරන්නෙ Landscape mode එක. මේකෙදි ඡායාරූපය තුළ තිබෙන සියළුම වස්තූන් නාභිගත කරගනු ලබනව. ලස්සන පරිසර දර්ශනයක් ගන්න මේක තමා පාවිච්චි කරන්න ඕනෙ.
මුලින්ම කැමරාව landscape mode එකට දාගන්න. එතකොට කුඩා aperture එකකට කැමරාව සකසුම් සකසා ගන්නව.
ඕනෙ නම් Aperture Priority mode එකට දාල අවශ්‍ය පරිදි DOF හදාගන්න ඔයාලට පුළුවන්.
Wide Angle Lens එකක් පාවිච්චි කරල ඉතා ගැඹුරු DOF එකක් ලබා ගන්න පුළුවන්.
වස්තුවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න, DOF වැඩි වෙනව.
ඊලඟ ලිපියෙන් RAW images ගැන බලමු.
Sunday, November 22, 2009
Aperture Priority Mode එකෙන් සෙල්ලං දැමීම
මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව Aperture එක ඔබට කැමති ලෙස සකස ගන්න, shutter speed, focus, white balance, ISO කියන දේවල් කැමරාව මගින් ගැළපෙන ලෙස සකසා ගන්නව. Aperture එක වෙනස් කිරීමෙන් වෙන්නෙ ඔබට අවශ්‍ය ලෙස Depth Of Field සකසා ගත හැකි වීමයි. එහි ඉලක්කම (Aperture value) වැඩි වෙන්න වැඩි වෙන්න, විවරයේ ප්‍රමාණය කුඩා වෙනවා. එවිට කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය අඩුයි, එවිට DOF එක වැඩි වෙනව. Aperture value එක අඩු වන විට විවරය විශාල වෙනවා. එවිට කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය වැඩියි, එවිට DOF එක අඩු වෙනව.
ඡායාරූපයට අවශ්‍ය වස්තූන් මත නාභිගත කරල, ඡායාරූපය ගන්න.
මේව බලන්නකො, මේ තියෙන්නෙ එකම අවස්ථාවක්, වෙනස් Aperture values දෙකකින් ගත්තම පේන හැටි.
Aperture Priority | Shutter Speed 1/25 | Aperture Value 8 | ISO Speed 50
Aperture Priority | Shutter Speed 1/1000 | Aperture Value 3.2 | ISO Speed 50
මේ වගේම ඔබට පුළුවන් shutter Priority (S/Tv) මෝඩ් එකෙත් වැඩ කරන්න, ඒකෙදි වෙන්නෙ shutter speed එක තේරීමට ඔබට අවස්ථාව දීල, අනෙකුත් සැකසුම් කැමරාව මගින් සිදු කිරීම.
Tuesday, September 1, 2009
කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් ටිකක්.
මෙතැන් සිට ඉදිරියට කැමරාවෙ තියෙන දේවල් ගැන කියන්න ඉන්න නිසා මේ දේවල් ටික ගැන මුලින් කියල ඉන්න ඕනෙ. නැත්තම් පස්සට කරදර.
ISO speed
ISO speed කියල කියන්නෙ කැමරාවේ සංවේදීතාවය සමඟ බැඳුනු දෙයක්. ඔයාල සේයා පට යොදාගන්නා කැමරා භාවිත කරල තියෙනවනම් ඒ සේයා පටයේ තියෙන ISO 100 නැත්තම් ISO 200 කියල තියෙන ඉලක්කම ගැන හිතල තියෙනවද? ඒ තමයි ISO speed එක. ඒකෙන් කියන්නෙ ඔය කියල සේයා පටය ආලෝකයට කෙතරම් සංවේදීද කියන එක. ඉලක්කමේ විශාලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේදීතාවයත් වැඩි වෙනව.
සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ගනිද්දි ISO100 හොඳටම ඇති. හවස් වරුවකට 400 වඩාත්ම ගැළපෙනව. රාත්‍රියේදී, අඳුරු පරිසරයකදී ගන්නවනම් 800, 1600 වගේ විශාල ISO අගයක් තියෙන එකක් පාවිච්චි කරන එක හොඳයි.
මේක 25, 50, 100, 200, 400, 800, 1600, 3200 කියන අගයන්ගෙන් තියෙනව.
ෆිල්ම් කැමරාවකදි එහෙම වෙනස් කරන ISO speed එක ඩිජිටල් කැමරාවකදි කැමරාව තුළ තිබෙන සැකසුම් වෙනස් කිරීමෙන් ලබා ගන්න පුලුවන්.
Exposure (අනාවරණය)
Exposure කියල කියන්නෙ, ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය / සේයා පටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණයට. ඒක මනින්නෙ ලක්ස් තත්පර (Lux seconds) වලින්. මේක රඳා පවතිනව කැමරාවේ ශටරය ඇරිල තියෙන කාලයත්, කැමරාව තුලට ආලෝකය ලබා ගන්න සිදුරේ විෂ්කම්භයත් මත (aperture). ශටරය ඇරිල තියෙන කාලෙ වැඩිවෙනකොට අනාවරණ කාලයත් වැඩි එනව. නැත්තම් aperture සයිස් එක ලොකු වෙන්න ලොකු වෙන්නත්, කැමරාව තුළට වැටෙන ආලෝකය වැඩි වෙනව. ඒ කියන්නෙ exposure එක වැඩි වෙනව කියන එක තමයි.
Aperture
Aperture කියල සරළව කියන්නෙ "සිදුර" කියන තේරුම. කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුළට යන ප්‍රමාණය පාලනය කරන සිදුරට තමා aperture එක කියල කියන්නෙ. අපිට පුළුවන් ඒ සිදුරේ ප්‍රමාණය පාලනය කරල, කැමරාවේ ආලෝක සංවේදකය මතව වැටෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න.
මේක බලන්නකො. පේනවද?

සිදුර ලොකු වෙන්න ලොකු වෙන්න, ඇතුළට යන ආලෝක ප්‍රමාණය වැඩි වෙන නිසා ඡායාරූපය ටික ටික ආලෝකමත් වෙනව. මොකද්ද ඔයාලට මතක් වෙන්නෙ?.......
ආලෝක ප්‍රමාණය වැඩි වෙනව කියන්නෙ මොකද්ද?
Exposure එක වැඩි වෙනව කියන එක නේද?
තව ටිකක් තියෙනව කියන්න. Aperture size එක වෙනස් වෙනකොට ඡායාරූපයේ Depth Of Field එකත් වෙනස් වෙනව. ඒ මොකද්ද කියල තව ටිකකින් කියල දෙන්නම්.
Shutter Speed
Shutter Speed කියල කියන්නෙ කැමරාව තුළට ආලෝකය ලබා ගන්නකොට අරින වහන දොර කොච්චර වෙලා ඇරගෙන ඉන්නවද කියන එකයි. එතනදිත් අර ඉස්සෙල්ල කිව්ව සිද්දියම වෙනව, වැඩි වෙලා ඇරගෙන හිටියොත් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළට එනව, අඩු වෙලාවක් ඇරගෙන හිටියොත් ඇතුළට එන ආලෝක ප්‍රමාණය අඩු වෙනව.
ඒක මනින්නෙ තත්පර වලින්, හැබැයි කියන්නෙ තත්පරයකින් කීයෙන් පංගුවක්ද කියලයි. උදා: 1/1000 s, 1/500 s, 1/250 s, 1/60 s, 1/30 s, 1/15 s, 1/8 s, 1/4 s, 1/2 s, 1 s, 2 s, ...
මේක බැලුවම ඔයාලත තේරේවි shutter speed එක වෙනස් වෙනකොට ඡායාරූපයට මොකද වෙන්නෙ කියල.

Focal length
ඇත්තම කිව්වොත් කැමරාවක තියෙන්නෙ එක කාචයක් නෙමෙයිනෙ, කාච පද්ධතියක්. ඉතින් ඒ කාච පද්ධතියෙම සංයුක්ත නාභිය දුර තමා මේ focal length කියල කියන්නෙ. (හැබැයි සරළ point and shoot කැමරාවක තියෙන්නෙ ස්ථිර නාභිය දුරක් තියෙන එක කාචයක් විතරයි)
කාච පද්ධතියේ නාභිය දුර අනුව ඒව කොටස් 3 කට බෙදන්න පුලුවන්. ඒව ගැනත් ඉස්සරහට සවිස්තරව කියන්නම්.
ඒක වෙනස් වෙනකොටත් ඡායාරූපයට එක එක වෙනස්කම් වෙනව.
මෙතනදිත් එනව මම තාම ඔයාලට කියල නොදුන්න අර ඉස්සෙල්ලත් කිව්ව එක, Depth Of Field. Focal length එක වැඩි වෙන්න වැඩි වෙන්න depth of field එක අඩු වෙනව, focal length අඩු වෙන්න අඩු වෙන්න depth of field එක වැඩි වෙනව.
Depth Of Field (DOF)
ඡායාරූපයේ තියෙන ගැඹුර තමයි මේ Depth Of Field එක කියල කියන්නෙ. ගැඹුර වැඩි වෙනව කියන්නෙ වැඩි ප්‍රදේශයක තියෙන දේවල් හරියට පැහැදිලිව පේන විදිහට නාභිගත වෙලා, ගැඹුර අඩු වෙනව කියන්නෙ පොඩි ප්‍රදේශයක් විතරයි නාභිගත වෙලා තියෙන්නෙ.
මේතන මේ ප්‍රදේශය කියල කියන්නෙ මුලු ඡායාරූපයේ වර්ගඵලය ගැන නෙමෙයි, එක එක වස්තු පිහිටි තලයන් ගැන. ගැඹුර වැඩි වෙනකොට තලයන් ගොඩක් නිවැරදිව නාභිගත වෙනව.
බලන්නකො මේව.
මේකෙ DOF අඩුයි. බලන්න, දකුණු පැත්තෙ තියෙන මාර්ග සංඥා පුවරුව විතරයි නේද පැහදිලිව නාභිගත වෙලා තියෙන්නෙ.

මේකෙ DOF වැඩියි. මුළු ප්‍රදේශයම හොඳින් නාභිගත වෙලා තියෙන හැටි බලන්න.

Zooming
දුරස්ථ දෙයක් ඡායාරූපයකට හසු කර ගැනීමේදී ඒ දෙය කැමරාව මගින් ලඟට ගෙන්න ගන්න පුලුවන්. එක අතකින් කිව්වොත් ඒක ව්ශාලනයක්. ඒකට තමා zoom කරනව කියල කියන්නෙ.
ඒකෙත් කොටස් දෙකක් තියෙනව optical හා digital කියල. ඒ ගැන විස්තර ඉදිරියට. විවිධ නාභිය දුර සහිත කාච පද්ධතියක් තමයි , කැමරාවෙ තියෙන්නෙ. ඒකෙ නාභිය දුර වෙනස් කිරීමෙන් පුලුවන් zoom එක වෙනස් කරන්න.
විශාලනයට අමතරව මේකෙන් තව ලස්සන වැඩ දාන්න පුලුවන්.

Labels:
aperture,
depth of field,
exposure,
focal length,
ISO speed,
shutter speed,
zooming
Subscribe to:
Posts (Atom)



