Showing posts with label tripods. Show all posts
Showing posts with label tripods. Show all posts

Friday, November 13, 2009

Macro Mode එකේ ඉඳන් Close-Ups ගන්න

මැක්‍රො මෝඩ් එක තියෙන්නෙ ඉතා කුඩා දේවල් සමීපව ඡායාරූප ගත කරන්න. (අන්වීක්ෂකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි හොඳේ :D ) මෙහිදී ඔබට පුළුවන් මලක්, කෘමියෙක් වගේ දේවල් ඉතා සමීප ලෙස ඡායාරූප ගත කරන්න. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක නම් එහි සීමාවක් තිබෙනව, මොකද පාවිච්චි කරන්නෙ තිබෙන කාච පද්ධතියම නිසා, DSLR එකක් පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් macro lens පද්ධතියක් පාවිච්චි කරන්න, එමගින් අල්පෙනෙති තුඩක් තරම් කුඩා දේවල් වල ඡායාරූප උනත් ගන්න පුළුවන්.

දාගන්නකො කැමරාවෙ මෝඩ් එක මැක්‍රො මෝඩ් එකට (මලක අයිකන් එකක් තියෙන්නෙ, අන්න එතනට).


දැන් ඉතින් මොකක් හරි කුඩා දෙයක් තෝරාගෙන ඡායාරූප ගන්න තමයි තියෙන්නෙ.
මැක්‍රො  ඡායාරූප ගැනීම සාමාන්‍ය ඡායාරූප ගැනීම තරම් ලේසි නෑ, මොකද වස්තුවට හුඟාක් ලන් වෙලා ඉන්න නිසා කැමරාවෙ පොඩිම සෙලවීමක් උනත් ලොකු වෙනසක් කරනව, අත එහෙම හෙල්ලුනොත් ඡායාරූපයම සවුත්තු වෙන්න ඉඩ තියෙනව.
එම නිසා මැක්‍රො මෝඩ් එකෙන් ඡායාරූප ගැනීමේදී tripod එකක් භාවිතය ඉතාම ගැළපෙනව. (ඇත්තම කිව්වොත් ඉතාම වැදගත්)
DSLR එකක් එක්ක macro lens පාවිච්චි කරද්දි තත්වය ටිකක් වෙනස්. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් තරම් ලේසි නෑ. ඒ ගැන ඉදිරියට කියන්නම්.


Saturday, October 17, 2009

ත්‍රිපාදයක් (Tripod) භාවිතය


අඩු ශටර වේගයක් යොදාගෙන ඡායාරූප ගැනීමේදී ත්‍රිපාදයක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද කිව්වොත් කැමරාවේ ශටරය දිගු වේලාවක් විවෘතව තිබෙන නිසා කැමරාව නිශ්චලව පැවතීම අනිවාර්යයි. නැතිනම් ඡායාරූපය සෙලවී බොඳවී යනව. මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව wider aperture එකක් පාවිච්චි කරල ඡායාරූප ගන්න. අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමේදී මෙය අත්‍යවශ්‍යයි. Telephoto lens එකක් භාවිතා කරන අවස්ථා වල, macro lens එකක් භාවිතා කරන අවස්ථා වලදිත් ත්‍රිපාදයක් භාවිතා කළ යුතුයි.
ත්‍රිපාදයක් එහෙ මෙහෙ අරන් යන්න අමාරු නම් monopod එකක් අරන් යන්න. ඒකෙ තියෙන්නෙ එක කකුලයි. රැගෙන යාමත් ලේසියි. අඩු ඉඩක් ගන්නෙ, කුඩා ඉඩක උනත් පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්.

දැන් ජංගම දුරකථන වලටත් ත්‍රිපාද තියෙනව, ජංගම දුරකථන කැමරාවකිනුත් ලස්සනට ඡායාරූප ගන්න පුළුවන්, මේව පාවිච්චි කරල.

වැදගත් දෙයක්, ඔබේ කැමරාවෙ/කාච පද්ධතියෙ Image Stabilization හෝ Vibration Reduction පිළිබඳ සැකසුම් තිබෙනව නම් ඒව අක්‍රිය කරන්න. (දෙකෙන්ම කරන්නෙ එකම දේ නෙ, ඉතින් මොකටද එකම වැඩේ කරන්න දෙකක් පාවිච්චි කරන්නෙ.) නැත්තම් සමහර කැමරාවල නම් ත්‍රිපාදයක් සම්බන්ධ කරල කියල හඳුනා ගන්න උපක්‍රමත් තියෙනව.