Showing posts with label leading lines. Show all posts
Showing posts with label leading lines. Show all posts

Saturday, July 24, 2010

පරිසර දර්ශන ඡායාරූපයට නැගීම

හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.

සම්පූර්ණ ලිපිය කියවන්න.

Saturday, March 13, 2010

ප්‍රමුඛ රේඛා සොයා යන්න. (Leading Lines)

මම මේක ගැනත් මීට ඉස්සර, පොඩ්ඩක් කියල තියෙනව.
ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව.
ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවික දේවල් නිසා හැදුනු) ඡායාරූපය තුළ පහළ සිට ඉහළට හෝ කෙළවරක සිට ඊට සම්මුඛ කෙළවරට මෙම රේඛා ගමන් කරන්න පුළුවන්. (ඇත්තෙන්ම කිව්වොත් ඒව ඡායාරූපයේ ප්‍රධාන වස්තුව අසලින් අවසන් වෙනව.)


ඡායාරූපයක් ගන්න රාමුවක් තෝර ගන්නකොට මුලින්ම බලන්න, වටපිටාව දිහා, ප්‍රමුඛ රේඛා විදිහට යොදාගන්න පුළුවන් දේවල් තියෙනවද කියල. මාර්ගයක්, වැටක්, දිගු සෙවණැල්ලක්, වගේ දෙයක්. මෙම රේඛාව පටන් ගන්න ඕනෙ රාමුවේ පහළින් (කෙළවරක හෝ මැදක සිට), ඒක ඊට පස්සෙ ඉහළටම ගිහින් තමා නතර වෙන්න ඕනෙ. (ප්‍රධාව වස්තුව අසලින් වගේ)
සරළ හා ඇල රේඛා තියුණු හා වේගවත්. වක්‍ර රේඛා සුමට හා එකමුතුයි. තිරස් රේඛා සාමකාමියි. සිරස් රේඛා ක්‍රියාකාරියි.
මේක බලන්නකෝ.

මෙහි පහළ තිබෙන අයිස් අතරින් ජලය මතුවෙලා තියෙන කොටස එක පාරටම ඇස ඇදල ගන්නව, ඊට පස්සෙ ඇස යනව ඒක දිගේ ඉහළට, ජලාශය තුළට, ඊට පස්සෙ කැඳු වැටියට.

හොඳම ප්‍රමුඛ රේඛා, පහළ වම්පස කෙළවරින් ඇරඹිලා අවසන් වන්නේ ඡායාරූපයේ ප්‍රධානම ලක්ෂයෙන්.