Showing posts with label metering modes. Show all posts
Showing posts with label metering modes. Show all posts

Tuesday, October 6, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .3 - Metering Modes

එක එක කැමරා වල එක එක විදිහෙ Metering Modes තියෙනව.  

මොකද්ද මේ Metering Modes?
මේකෙදි කරන්නෙ, ඡායාරූපයට අසුවන ප්‍රදේශයෙන් කොටසක් තෝරාගෙන එම ප්‍රදේශයේ ආලෝක තත්වයට අනුව අනාවරණ මට්ටම (Exposure Level) තේරීමයි. මේය ප්‍රධාන ආකාර 2කට හෝ 4කට බෙදනු ලබනවා.




Matrix, multi-segment, multi-zone, or evaluative metering



මේකෙදි සම්පූර්ණ ඡායාරූපයම සළකල තමයි කැමරාව, අවශ්‍ය නිරාවරණය තෝරන්නෙ. පසුබිමේ ආලොඅක තත්වය, වස්තූන්ගෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය වගේ සියළු දේවල්ම මෙහිදී කැමරාව සළකනවා.

Spot, or partial, metering



මේකෙදි කැමරාව මුළු ඡායාරූපයේම මැද ප්‍රදේශයේ 9 - 10% වගේ ප්‍රමාණයක් සළකල, එම ස්ථානයේ ඇති ආලෝක තත්වයන්ට අනුව නිරාවරණ මට්ටම තෝරා ගන්නව. මේක, වස්තුවට වඩා පසුබිම ආලෝකමත් අවස්ථා වලට හුඟාක්ම උචිතයි.

Center-weighted metering



රාමුවේ මැද ප්‍රදේශයේ ඇති ආලෝක තත්වය ගැන වඩිපුර හිතල, වටේ ගැනත් ටිකක් හිතන mode එකක් මේක. මැද සිට ඉවතට යන විට රාමුව තුළ ඇති ආලෝක මට්ටම් වල සාමාන්‍යය සළකල සම්පූර්ණ රාමුවට ගැළපෙන විදිහට නිරාවරණ මට්ටම් තෝරනව. 
සංකීර්ණ ආලෝක තත්ව ඇති දසුනකට මේක හොඳින්ම ගැළපෙනව.