Showing posts with label group photos. Show all posts
Showing posts with label group photos. Show all posts

Friday, June 25, 2010

සමූහ ඡායාරූපයක් ගැනීම

අද අපි කතා කරන්නෙ සමූහ ඡායාරූප ගැනීම ගැන.
බොහෝ වෙලාවට සමූහ ඡායාරූපයක් ගන්නව කියන්නෙ එක පාරටම කරන්න බැරි දෙයක්. එහෙම පුළුවන් උනොත් ඉතින් වාසනාව තමයි. සමූහ ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට ඡායාරූප ශිල්පියාට සිදුවෙනවා, ඡායාරූපයට ගැළපෙන විදිහට වටපිටාව හා පුද්ගලයින්ව සකසා ගන්න. ඒක නිසා කොයි වෙලේවත් පසුබටවෙන්නෙපා, අධ්‍යක්ෂක වෙලා, ඉන්න කට්ටියට කියන්න, කොහොමද/කොයි තැන් වලද හිටගන්න ඕනෙ, ඉඳගන්න ඕනෙ, කොහොමද ඉන්න ඕනෙ, කියල. හැබැයි කට්ටියව හුඟක් වෙලා රස්තියාදු කරන්න නම් එපා.