Friday, November 13, 2009

Macro Mode එකේ ඉඳන් Close-Ups ගන්න

මැක්‍රො මෝඩ් එක තියෙන්නෙ ඉතා කුඩා දේවල් සමීපව ඡායාරූප ගත කරන්න. (අන්වීක්ෂකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි හොඳේ :D ) මෙහිදී ඔබට පුළුවන් මලක්, කෘමියෙක් වගේ දේවල් ඉතා සමීප ලෙස ඡායාරූප ගත කරන්න. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක නම් එහි සීමාවක් තිබෙනව, මොකද පාවිච්චි කරන්නෙ තිබෙන කාච පද්ධතියම නිසා, DSLR එකක් පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් macro lens පද්ධතියක් පාවිච්චි කරන්න, එමගින් අල්පෙනෙති තුඩක් තරම් කුඩා දේවල් වල ඡායාරූප උනත් ගන්න පුළුවන්.

දාගන්නකො කැමරාවෙ මෝඩ් එක මැක්‍රො මෝඩ් එකට (මලක අයිකන් එකක් තියෙන්නෙ, අන්න එතනට).


දැන් ඉතින් මොකක් හරි කුඩා දෙයක් තෝරාගෙන ඡායාරූප ගන්න තමයි තියෙන්නෙ.
මැක්‍රො  ඡායාරූප ගැනීම සාමාන්‍ය ඡායාරූප ගැනීම තරම් ලේසි නෑ, මොකද වස්තුවට හුඟාක් ලන් වෙලා ඉන්න නිසා කැමරාවෙ පොඩිම සෙලවීමක් උනත් ලොකු වෙනසක් කරනව, අත එහෙම හෙල්ලුනොත් ඡායාරූපයම සවුත්තු වෙන්න ඉඩ තියෙනව.
එම නිසා මැක්‍රො මෝඩ් එකෙන් ඡායාරූප ගැනීමේදී tripod එකක් භාවිතය ඉතාම ගැළපෙනව. (ඇත්තම කිව්වොත් ඉතාම වැදගත්)
DSLR එකක් එක්ක macro lens පාවිච්චි කරද්දි තත්වය ටිකක් වෙනස්. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් තරම් ලේසි නෑ. ඒ ගැන ඉදිරියට කියන්නම්.


2 comments:

  1. අයියේ එතකොට focus කරන්නේ කොහොමද? වස්තුව සමීපයටම යන්න අමරුනම් මොකද කරන්නෙ?zoom කලාම නියම විදිහට ජායාරූපය ගන්න බැහැනේද?

    ReplyDelete
  2. focus කරන්න නිකම්ම පුළුවන්නෙ ඔයා පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් නම්, shutter button එක බාගෙට ඔබාගෙන හිටියම කැමරාව මගින්ම නාභිගත කරගන්නව.
    හැබැයි ඔයා පාවිච්චි කරනව නම් macro lens එකක් ඒකෙ auto focus නෑ, ඔයාට වෙනව කැමරාව ඉදිරියට්ංඅ හා පසු පසට චලනය කරමින් නාභිය සකසා ගන්න.

    ReplyDelete