විභේදනය | මුද්‍රණ කඩදාසියේ ප්‍රමාණය (අඟල්) |
1 MP | 4×6 – 5×7 |
2 MP | 5×7 – 8×10 |
4 MP | 8×10 – 11×14 |
8 MP | 11×14 හා ඊට විශාල |
මම Madhawa, මහලොකු ඡායාරූප ශිල්පියෙක්වත් ඡායාරූපකරණය ගැන උපාධියක් තියෙන පුද්ගලයෙක්වත් නෙමෙයි, ඒත් ඡායාරූපකරණයට ආසාවක් තියෙන කෙනෙක්. මම දන්න පොඩි දැනුම බෙදාගන්න හිතුව.
සිංහලෙන් Photography ගැන සයිට් එකක් නැති නිසා මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
Site for teaching Photography in Sinhala.
මෙම අඩවිය දැන් අක්‍රියව පවතී. නව අඩවියට පිවිසීමට www.photographylk.com වෙත පිවිසෙන්න.
Saturday, August 29, 2009
මේ විභේදනය මෙච්චර වැදගත් ඇයි?
Tuesday, August 25, 2009
ඡායාරූපයක තත්වය (Quality)
ඡායාරූපයක් ගැනීමට පෙර තමුන් එම ඡායාරූපය භාවිතා කරන්නේ කුමනාකාරයේ ක්‍රියාවක් සඳහාද කියා සිතා බැලිය යුතුයි. නැතිනම් අනවශ්‍ය ලෙස මතකය අහක යාවි, හෝ ඡායාරූපයේ තත්වය අවශ්‍යතාවය සඳහා නොගැලපේවි.
සේයා පට භාවිතා කරන කැමරා වල බැරි උනත්, සාමාන්‍ය ඩිජිටල් කැමරාවක උනත් (ජංගම දුරකතන කැමරාවකත්), ඡායාරූපයේ තත්වය වෙනස් කිරීම සඳහා විකල්ප තිබෙනවා. ඡායාරූපයේ තත්වය, එය මතකය තුළ (CF card/memory card) ලබා ගන්න ඉඩ ප්‍රමාණයට හා ඡායාරූපයේ දිග පළලට කෙලින්ම බලපානව.
ඔබ ඡායාරූපය ලබා ගන්නෙ වෙබ් පිටුවක යොදා ගන්න නම් පෝස්ටරයක් ගහන්න තරම් ගැළපෙන ඡායාරූපයක් අරගෙන වැඩක් නෑනෙ නේද?
මගේ මතය අනුව වෙබ් පිටුවකට යොදා ගැනීමට නම් විභේදනය (resolution) 640 × 480 (0.7 MP) හා 1728 × 1152 (2.1 MP) අතර තත්වයක් තිබෙන විකල්පයක් තෝරා ගැනීම ගැළපෙනව. එවිට ලැබෙන ඡායාරූපයක file size එක 1MB වලට වඩා අඩුයි.
ඔබ ඡායාරූපය මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවනම් හෝ එය පරිඝණකය තුළ ගබඩා කර තබා ගැනීමට බලාපොරොත්තු වෙනව නම් ඔබට වඩාත්ම ගැළපෙන්නෙ 2 MP හා 6 MP අතර විකල්පයක්. එවිට ඔබේ ඡායාරූපය, 1MB හා 3MB අතර මතකයක් ලබාගන්නව.
ඔබ සාමාන්‍ය ප්‍රමාණයක විශාල පෝස්ටරයක් මුද්‍රණය සඳහා නම් ඡායාරූපය ගන්නෙ ඔබ අනිවාර්යයෙන්ම ඉහළ විභේදනයකට යායුතුයි. 8MP ඔබේ වැඩේට ගැළපේවි.
ඔබ මෙම ලබාගන්නා ඡායාරූපය පරිගණකය හා photo editing software එකක් භාවිතා කරල වෙනස් කිරීම් වලට භාජනය කරන්න, කෑලි කපන්න බලාපොරොත්තු වෙනවනම්, තිබෙන විශාලම විභේදනය භාවිතා කිරීමට මම යෝජනා කරනව. (RAW file format) හැබැයි එතකොට ඔබේ මතක චිපයේ රඳවා ගත හැකි ඡායාරූප ප්‍රමාණය නම් හරිම පොඩ්ඩයි.
විභේදනය ගැන ඊළඟට කතා කරමු.
Saturday, August 15, 2009
ආධුනිකයන් සඳහා
ඔබ ඡායාරූපකරණයට හා ඒ සමඟ බැඳුනු තාක්ෂණයට අලුත් අයෙක් නම් ඔබට ගැළපෙනම කැමරාව තමයි, සාමාන්‍ය “Point and Shoot”වර්ගයේ digital හෝ analog කැමරාවක්. මොකද කිව්වොත්, ඒකෙ හදන්න මහලොකු settings and configurations නෑ, හිතන්න මහලොකු දේවල් නෑ. මොකක් හරි ගන්න හිතුනොත් කැමරාව ඒ දෙසට මෑනුව, ගත්ත. පස්සෙ පුලුවන් ටික ටික ඉගෙන ගෙන ඉස්සරහට යන්න.
කාලෙ ගත වෙනකොට, ඡායාරූපකරණය ගැන දැනුම වැඩි වෙනකොට සල්ලි ටිකකුත් එකතු කරගෙන එහෙම පුලුවන් සාමාන්‍ය මට්ටමේ හෝ දියුණු SLR එකක් ගන්න.
ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද?
සරලව කිව්වොත්, "චලනය වන හෝ නිශ්චල දෙයක සේයාරුවක් ලබා ගැනීමේ කලාව" තමයි ඡායාරූපකරණය කියල හඳුන්වන්නෙ. මේ සඳහා භාවිතා කරන උපකරණය තමයි, "කැමරාව".
චිත්‍ර ශිල්පියෙක් තමුන්ගෙ පින්සල භාවිතා කරල වර්ණ හා ආලෝකය පාලනය කරනව වගේ, ඡායාරූප ශිල්පියෙක් කරන්නෙ, තියෙන ආලෝක තත්ව යටතේ ඒ ආලෝකය තමුන්ට ගැලපෙන විදිහට කලාත්මක විදිහට භාවිතා කරල කලාත්මක ඡායාරූපයක් ගන්න එක.
එක අතකින් බැලුවොත් ඡායාරූපකරණය කියන්නෙ මිල අධික කලාවක්. ඒක නිකම්ම නිකම් පුද්ගල ඡායාරූපයක් ගැනීමවත් භූදර්ශනයක ඡායාරූපයක් ගනීමවත් නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්.
වෘත්තීය මට්ටමේ හෝ ආධුනික ඡායාරූප ශිල්පීන් කැමති ඡායාරූපකරණයේ එක එක පැති තියෙනව. වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් පුවත්පත් කලාව හා සම්බන්ධ ඡායාරූප ගන්න අතරෙ, ආධුනිකයෙක් භූදර්ශන ඡායාරූපකරණයට කැමති වෙන්න පුලුවන්. ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත හා චින්තනය මත පදනම් වෙනවා.