මම Madhawa, මහලොකු ඡායාරූප ශිල්පියෙක්වත් ඡායාරූපකරණය ගැන උපාධියක් තියෙන පුද්ගලයෙක්වත් නෙමෙයි, ඒත් ඡායාරූපකරණයට ආසාවක් තියෙන කෙනෙක්. මම දන්න පොඩි දැනුම බෙදාගන්න හිතුව.
සිංහලෙන් Photography ගැන සයිට් එකක් නැති නිසා මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
Site for teaching Photography in Sinhala.
මෙම අඩවිය දැන් අක්‍රියව පවතී. නව අඩවියට පිවිසීමට www.photographylk.com වෙත පිවිසෙන්න.
Thursday, October 14, 2010
"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි
Saturday, July 31, 2010
රාත්‍රී දර්ශන ඡායාරූපකරණය
සම්පූර්ණ ලිපියට >>>
Saturday, July 24, 2010
පරිසර දර්ශන ඡායාරූපයට නැගීම
සම්පූර්ණ ලිපිය කියවන්න.
Wednesday, July 14, 2010
ක්‍රීඩා වල ඡායාරූප ගැනීම
Friday, June 25, 2010
සමූහ ඡායාරූපයක් ගැනීම
Saturday, June 19, 2010
පුද්ගල ඡායාරූප ගැනීම – 2
Sunday, May 30, 2010
වර්ණ රටා හා හැඩතල භාවිතා කරන්න
සම්පූර්ණ ලිපියට >>>
Saturday, May 22, 2010
රාමුව තුළ වස්තූන්ගේ චලනයන් ගැන සැළකිලිමත් වෙන්න
ඔබ ඡායාරූපයට නගන වස්තුව, පුද්ගලයා, සත්වයා චලනය වෙන දෙයක්/කෙනෙක් නම්, එම වස්තුවට/පුද්ගලයාට/සත්වයාට ඡායාරූපයේ රාමුව තුළ චලනය වෙන්න ඉඩ තියෙන විදිහට ඡායාරූපය ගන්න.
ඒ කියන්නෙ, උදාහරණයක් විදිහට මේ පහත තියෙන ඡායාරූපය ගනිමු. මෙහි ඇති මෝටර් රථය මාර්ගය දිගේ ඉදිරියට දිවෙනව. අපි ඡායාරූපය ගන්නකොට එම වාහනයට පිටුපසින් නෙමෙයි, ඉදිරියෙන් ඉඩ තියන්න ඕනෙ, එතකොටයි ඒ ඡායාරූපයේ තිබෙන වස්තුව චලනය වෙනවා වගේ අපිට පේන්නෙ, ඒ හැඟීම එන්නෙ. එතකොටයි ඒ ඡායාරූපයට ජීවයක් ලැබෙන්නෙ. හැමෝම කැමති තමුන්ගෙ ඡායාරූපය තාත්වික වෙන්නනෙ, මේ කියන විදිහට ගත්තම ඒ ගතිය ඔයාලට ඔයාලගෙ ඡායාරූපයට ලබල දෙන්න පුළුවන්. (මේ කතාව සම්බන්ධ පරණ ලිපියකුත් තිබෙනව, ඒකත් කියවල බලන්න.)
Saturday, May 8, 2010
ආලෝකයේ අසමානතා භාවිතා කරන්න (use Contrast)
සම්පූර්ණ ලිපියට >>>
Saturday, May 1, 2010
ක්ෂිතිජය සෘජුව තබා ගන්න
සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට අපි ඒක සෘජුව ගන්නව. නිර්මාණාත්මක දෙයක් ගොඩනඟන්න ඕනෙ උනාම පොඩ්ඩක් ඇල කරල එහෙමත් ඡායාරූප ගන්නව. නමුත් ඔයාල ක්ෂිතිජය සහිත ඡායාරූපයක් ගන්නවනම් මම යෝජනා කරන්නෙ අනිවාර්යයෙන්ම ඒක සෘජුව ගන්න කියල, ඒ කිව්වෙ ක්ෂිතිජය ඡායාරූපයේ රාමුවට (තිරස් පැත්තට) සමාන්තරව එන විදිහට ඡායාරූපය ගන්න. ඔයට ඕනෙ නෑ නෙ රාමුව තුල තියෙන දේවල් රාමුවේ එක පැත්තකින් එලියට වැටෙන්න දෙන්න?
සාමාන්‍යයෙන් බොහොමයක් ඩිජිටල් කැමරා වල තියෙනව ග්‍රිඩ් එකක් ලබා ගැනීමේ පහසුකම. මෙ වගේ වෙලාවකට ඒක පාවිච්චි කිරීමෙන් ඔයාල්ගෙ වැඩ ගොඩක් පහසු වෙයි.
Saturday, April 24, 2010
සමබරතාවය ගැන හිතන්න
රාමුව තුළ ඡායාරූපයේ සමබරතාවයක් තිබුනෙ නැත්තම් ඡායාරූපය එතරම් ඇසට ප්‍රියජනක වෙන්නෙ නෑ, ඒක නිසා සමබරතවය හරිම වැදගත්.
සමබරතාවය කියන එක වර්ණ වලින්, රාමුව තුළ තියෙන වස්තූන්ගෙන්, එහෙමත් නැත්තම් වර්ණ වල තද ලා බවෙන් වෙන්නත් පුළුවන්. ඒ ඒ වස්තූන්, වර්ණ හරි හැටි ස්ථානගත කිරීමෙන් ඔයාගෙ ඡායාරූපයේ සමබරතාවයක් ඇති කරගන්න.
මේ කියන සමබරතාවය, සමමිතික (විධිමත් එකක්, ස්ථිතික එකක්) වෙන්නත් පුළුවන්, අසමමිතික (අවිධිමත් නැත්තම් ගතික) වෙන්නත් පුළුවන්.
හිතන්න, සමමිතික ඡායාරූපයක තියෙන දේවල් නැවතිලා තියෙනව වගේ, උදාහරණයක් ගත්තොත් හිතන්න බයිසිකලයක නැගල වේගෙන් යන පාපැදිකරුවෙක්. එයාව අපි රාමුවේ මැදට ගත්තොත් අපිට එකපාරටම හිතෙන්නෙ එයා නැවතිලා කියලයි. නමුත් හිතන්න ඒ පාපැදි කරුවම රාමුවේ පැත්තකට ගත්තොත්? බලන කෙනාට හැඟීමක් එනව එයා ගමන් කරනව කියල. (මතකද දැන්නෙ නෑ පරණ ලිපියක මේ ගැන කියල තිබ්බ, රුවල් බෝට්ටුවක උදාහරණයක් සමඟ, ඒක බලන්න මෙතනින් යන්න)
Saturday, April 17, 2010
පසුබිම පිරිසිදුව තබා ගන්න
හුඟක් අය ඡායාරූපයක් ගන්නකොට හිතන්නෙ, මිනිස්සුන්ගෙ ඔළුව කපන්නෙ නැතුව ඡායාරූපය ගන්න එක ගැන විතරයි. ඒත් එයාල කරන ලොකු වැරැද්දක් තියෙනව. ඒ තමයි ඡායාරූපයට අනවශ්‍ය වස්තූන් ගොඩාක් ඇතුළු කර ගැනීම. ඒකෙන් ඡායාරූපයේ නාභිගත කරල තියෙන වස්තුවට ලොකු පාඩුවක් වෙන අතරෙම නරඹන්නාව වල්මත් කරනු ලබනවා. නරඹන්නා අසීරුවට පත් කරනව.
ඒ නිසා ඡායාරූපයේ පසුබිම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව. අපිරිසිදු කමින් මොකුත්ම ලැබෙන්නෙ නෑ, ඡායාරූපය කැත වෙලා අපිළිවෙල වෙන එක විතරයි වෙන්නෙ.
Saturday, April 10, 2010
Point-&-Shoot කැමරාවකින් Depth එක පාලනය කරමු
Saturday, April 3, 2010
Depth of Field | ක්ෂේත්‍ර ගැඹුර ගැන තවත් විස්තර
Sunday, March 28, 2010
සතියේ ඡායාරූපය
Saturday, March 27, 2010
දුර සමඟ ඡායාරූපයක ස්වභාවය වෙනස් කිරීම
වස්තුවට ආසන්න වෙන්න ආසන්න වෙන්න, ඔබේ වස්තුව, ඡායාරූපය පෞද්ගලික තත්වයට හරවනව. උණුසුම්, මනෝහර හැඟීමක් ඇති කරනව.
මෙහෙම ඡායාරූප ගන්නකොට මතක් කරල අනවශ්‍ය පසුබිමක් හා අනවශ්‍ය වස්තූන් පසුබිමෙහි නොලැබෙන විදිහට ඡායාරූපය ගන්න උත්සාහ කරන්න.
ඔබේ රාමුව සම්පූර්ණයෙන්ම අදාල වස්තුවෙන් පුරවන්න.
Saturday, March 20, 2010
මෙම සතියේ ඡායාරූපය
Friday, March 19, 2010
නොසිතෙන කෝණ භාවිතා කරන්න
ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.
Sunday, March 14, 2010
රාමු භාවිතා කරන්න
අපි හුඟක් වෙලාවට ෆොටෝ ප්‍රින්ට් කරල ඒකට රාමුවක් දාල ලස්සනට තියල තියනව. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? එම ඡායාරූපයට අවධානය ලබා ගැනීම. මීට අමතරව තවත් රාමු භාවිතා වෙන අවස්ථාවක් තියෙනව, ඒ තමා ඡායාරූපය ගන්නා අවස්ථාවේදී, ඡායාරූපය තුළ රාමු ගත කිරීම.
ඉතිරිය කියවන්න http://roosara.info/2010/03/රාමු-භාවිතා-කරන්න/ මෙතනට යන්න.
Saturday, March 13, 2010
ප්‍රමුඛ රේඛා සොයා යන්න. (Leading Lines)
ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව.
ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවික දේවල් නිසා හැදුනු) ඡායාරූපය තුළ පහළ සිට ඉහළට හෝ කෙළවරක සිට ඊට සම්මුඛ කෙළවරට මෙම රේඛා ගමන් කරන්න පුළුවන්. (ඇත්තෙන්ම කිව්වොත් ඒව ඡායාරූපයේ ප්‍රධාන වස්තුව අසලින් අවසන් වෙනව.)
ඡායාරූපයක් ගන්න රාමුවක් තෝර ගන්නකොට මුලින්ම බලන්න, වටපිටාව දිහා, ප්‍රමුඛ රේඛා විදිහට යොදාගන්න පුළුවන් දේවල් තියෙනවද කියල. මාර්ගයක්, වැටක්, දිගු සෙවණැල්ලක්, වගේ දෙයක්. මෙම රේඛාව පටන් ගන්න ඕනෙ රාමුවේ පහළින් (කෙළවරක හෝ මැදක සිට), ඒක ඊට පස්සෙ ඉහළටම ගිහින් තමා නතර වෙන්න ඕනෙ. (ප්‍රධාව වස්තුව අසලින් වගේ)
සරළ හා ඇල රේඛා තියුණු හා වේගවත්. වක්‍ර රේඛා සුමට හා එකමුතුයි. තිරස් රේඛා සාමකාමියි. සිරස් රේඛා ක්‍රියාකාරියි.
මේක බලන්නකෝ.
මෙහි පහළ තිබෙන අයිස් අතරින් ජලය මතුවෙලා තියෙන කොටස එක පාරටම ඇස ඇදල ගන්නව, ඊට පස්සෙ ඇස යනව ඒක දිගේ ඉහළට, ජලාශය තුළට, ඊට පස්සෙ කැඳු වැටියට.
හොඳම ප්‍රමුඛ රේඛා, පහළ වම්පස කෙළවරින් ඇරඹිලා අවසන් වන්නේ ඡායාරූපයේ ප්‍රධානම ලක්ෂයෙන්.
Blog අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.
මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.
Wednesday, March 10, 2010
ෆෝන් එකකින්, point and shoot එකකින් හොඳ ඡායාරූප ගන්න බැරිද ?
මේකෙ මාතෘකාවෙ තියෙන ප්‍රශ්නෙ මගෙනුත් කිහිපදෙනෙක් අහල තියෙනව හා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
මේකට උත්තරේ මම දෙන්න යනවට වඩා මට ලැබුන මේකට උත්තර ලියපු ඡායාරූපකරණය ගැන දැනුමත්තෙක්ගෙ ලිපියක්. මෙන්න මෙතනට ගිහිල්ල ඒක කියවල බලන්න, ඔයාලට උත්හරයක් ලැබෙයි.
http://aravindablog.wordpress.com/2009/08/09/ෆෝන්-එකකින්-හොඳ-ඡායාරූප-ග/
"ජංගම දුරකතන කැමරාවලින් ෆොටෝ ගැනිල්ල ගැන පහුගිය දිනවල කීපදෙනෙක් බ්ලොග්වල කියලා තිබුණා. ඉතිං ඒ ගැන ලියන්න හිතුණා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොඳ කලාත්මක ඡායාරූපයක් ගන්න නම් දාස් ගාණක් වියදම් කරලා අඩු ම ගාණේ 10 MP වත් වෙන DSLR එකක් ගන්නම ඕනේ කියලා. මතක තියා ගන්න කැමරාව කියන්නේ උපකරණයක් විතරයි.(Camera is only a TOOL)."
Saturday, March 6, 2010
Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි
ඊට ඉස්සෙල්ල, මෙම අඩවිය කියවන්නන්ට වඩාත්ම හොඳ තැනක් කරන්න මට ඔයාලගෙන් අදහස් ටිකක් අවශ්‍යයි.
Sunday, February 28, 2010
අතිපිහිත වීම් වළක්වන්න
ටිකක් අසීලාචාර, හාස්‍යජනක ඡායාරූපයක් නෙමෙයි නම් ගන්නෙ, පොඩ්ඩක් වටපිටාවෙ තියෙන කණු, ගස්, අතු, හෝ වෙනත් වස්තූන් ගැන සැළකිලිමත් වෙන්න. ඒවායින් ඡායාරූපයට ලක් වෙන පුද්ගලයා, සත්වයා හෝ වස්තුව යන්තම්වත් වැහෙන්න දෙන්න එපා. අන්න ඒවට තමා ඡායාරූපශිල්පීන් mergers කියල කියන්නෙ.
අනිත් දෙය තමා ඡායාරූපයක් ගන්නා විට කිසිම වෙලාවක ඒකෙ ඉන්න අයගෙ අත පය කැපෙන විදිහට ඡායාරූපයක් ගන්න එපා. ඒකට කියන්නෙ border mergers කියල. මේ ඉහළ ඡායාරූපය බලන්නකො, ඒකෙ කොටියාගෙ කකුල් කැපිල ගිහිල්ල. ඒකෙන් මේ ඡායාරූපයේ වටිනාකම ගොඩාක් අඩු වෙලා.
ඔය අපේ සමහරුත් ෆොටෝ ගන්නකොට කෑලි නැතුව ගන්නෙ, මීට පස්සෙ එහෙම ගන්නෙපා.
(Portrait mode එකට මේ කතා වලංගු නෑ.)
Friday, February 26, 2010
Rule of Third පාවිච්චි කරල ඡායාරූප ගන්න
- පසුබිම් දර්ශනයක් ඡායාරූප ගත කරනවනම්, ක්ෂිතිජය පහළ රේඛවට ගත්තොත් බලන්නාට, විශාල, ඉඩ කඩ ඇති හැඟීමක් දෙනව. ක්ෂිතිජය ඉහළ රේඛාවට ගත්තොත්, දැනෙන්නෙ සමීප කුළුපග, ආත්මීය හැඟීමක්.
- පුද්ගල ඡායාරූපයක්ගන්නකොට පුද්ගලයාගේ ඇස් අර කිව්ව රේඛා ඡේදන ලක්ෂයකට එන විදිහට ඡායාරූපය ගන්න.
Tuesday, February 23, 2010
ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි - 1 - නාභිය ලක්ෂය සොයාගන්න
ඡායාරූපය තුළ නාභිය ලක්ෂය තෝරා ගැනීමේදී අත්‍යවශ්‍ය වස්තූන් පමණක් නාභිගත කරන්න යොදාගන්න. ඒ වස්තූන් තෝරා ගත යුත්තේ ඡායාරූපයේ සංයුතියේ ශක්තිය හා භාවප්‍රකාශනය ඉස්මතු වෙන විදිහටයි.
- ඡායාරූපයට නගන්නෙ මිනිසුන් හෝ සතුන් නම් පුළුවන් තරම් එයාලට ලං වෙන්න.
- දර්ශනයක් නම් ඡායාරූපයට ගන්නට බලාපොරොත්තු වෙන්නෙ ඡායාරූපයේ රාමුව තුළට ඇතුළු කරගන්න සිත්ගන්නා දෙයක් හොයාගන්න. බලන්න පහළ ඡායාරූපය. කඳු, මුහුදු වෙරළ ඡායාරූපයට ගැනීම ඉතාම හොඳයි, නමුත් ඒවායින් කීයෙන් කීයද මතක සටහන් ඉතිරි කරන්නෙ? ඒ උනාට කඳු ගැටයක් නගින කඳු නගින්නෙකුගේ ඡායාරූපයක්, මුහුදු රළක් උඩ නැග එන රළ පදින්නෙකුගේ ඡායාරූපයක් කොතරම් තාත්විකද? එය ඔබගේ දෘශ්ටිමානය කෙතරම් ඉහළ මට්ටමකට ගෙන යනවාද?
ඉවත් කළයුතු ප්‍රශ්න: විශාල පසුබිම් (ඡායාරූපයේ ගත යුතු දෙයක් නැති වෙනව), අපිළිවෙල (අවුල් වියවුල් සහිත රාමුවක්, ඡයාරූපය කැත කරනව), ලඟ බලා සිටින්නෝ (ඡායාරූපයේ ඉඩ අහක යනව.)
Friday, February 12, 2010
ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි
කලාත්මක ඡායාරූපයක් ගන්න, හොඳ කැමරාවක්, හොඳ පරිසරයක්, ඒ සම්බන්ධව පොඩි තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යයි. ඊට අමතරව තව දේවල් තිබෙනව.
- වස්තූන් අවශ්‍ය පරිදි සංකලනය කරගැනීමට ඇති හැකියාව හොඳ ඡායාරූපයකට අත්‍යවශ්‍ය සාධකයක්. මේකෙ මතක තියාගන්න මහ ලොකු දේවල් නෑ, ටික ටික පුරුදු වෙන්න, කාලයක් යනකොට, ඡායාරූප ගොඩක් ගන්නකොට ඔයාටම තේරෙයි, ඔයාගෙ හැකියාව වර්ධනය වෙනව කියල.
- දෙවැන්න, "වාසනාව". හරි තැන හරි වෙලවට හිටියොත් ඔයාට මේ ලෝකෙ තියෙන හොඳම ඡායාරූප ගන්න පුළුවන්. :)
- නාභි ගත කළ යුත්තේ කොහෙටද
- Rule of Third
- Leading Lines
- සංයුක්තයන් වළකන හැටි
- රාමුගත කිරීම
- නොසිතන කෝණ වලින් ඡායාරූප ගැනීම
- දුර පිළිබඳ අවබෝධය
- පසුබිම පිරිසිදු කිරීම
- සමබරත්වය
- අසමානතාවය භාවිතය
- ආලෝකය සොයා ගැනීම
- ගැඹුර
- වර්ණ හා හැඩතල
මේ මට ඊ මේල් එකකින් ආපු ඡායාරූප ටිකක්, ඔයාලටත් මේක ඇවිල්ල ඇති සමහරවිට.
පොඩි ඔවදනක්,
ඡායාරූපයක කලාත්මක බව තියෙන්නෙ ඒකෙ තියෙන ලස්සන රූපයකින් විතරක් නෙමෙයි, ඒකෙන් කියවෙන කතාවත් ඉතාම වැදගත්.
Sunday, January 24, 2010
RAW images සමඟ වැඩ කිරීම
ඡායාරූප අරගෙන එම ෆයිල් ටික පරිගණකයට දාගන්න.
ඒව, ඔයා පාවිච්චි කරන Photo Editing Software එක හරහා ඕපන් කරගන්න.
අවශ්‍ය පරිදි කපල කොටල, පාට හදල, කරන්න ඕනෙ දේවල් කරල (White Balance, Temperature,
Exposure, Contrast, Clarity, හා වෙනත් දේවල්) සේව් කරගන්න. (මතක ඇතුව වෙනස්කම් කරන කොට, preview එක බලන්න අමතක කරන්න එපා. Zoom කරල එහෙම හොඳට පරික්ෂාවෙන් හදන්න)
ඒ විස්තර කිව්වට මොනවද මේ RAW කියන්නෙ කියල කිව්වෙ නෑ නෙ.
RAW කියන්නෙ ඇත්තම රූපයම වගේ තියෙන ෆයිල් ටයිප් එකක් (closest thing to pure “digital negatives”).
කැමරාව විසින් ඡායාරූපයට කිසිම දෙයක් කරන්නෙ නෑ, Adobe Photoshop, Photoshop Elements, හෝ කැමරාවෙ proprietary software වගේ Photo Editing Software එකක් නැතුව මේව බලන්න බෑ.
හැබැයි, මේව එක්ක වැඩ කරන්න එම මෘදුකාංග පිළිබඳ යම් දැනුමක් තිබිය යුතුයි. මෙහිදී ඔබට එම රූපයේ වෙනස්කම් කිරීමට උපරිමම සුනම්‍යතාවයක් වගේම ඉහළම තත්වයෙන් යුක්ත ඡායාරූපයක් ලබා ගත හැකියි.
වැදගත්:
RAW විදිහට ගන්න ඡායාරූප වල file size එක ඉතාම විශාලයි.කැම නිසා ඔබගේ මතක චිපයේ ඉඩ ප්‍රමාණය ගැනත් ටිකක් හිතේ තියාගන්න.
මේ ලිපියත් සමඟ කැමරාව පිළිබඳ හා එහි ඇති උපක්‍රම පිළිබඳව ලියැවුනු ලිපි අවසන් වෙනව. ඊළඟට අපි බලමු ගන්නා ඡායාරූපය ලස්සනට ගන්නෙ කොහොමද කියල. මේ ගැන ලියපු කෙටි ලිපි කියවල පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්නකො. ඒව මෙතනින් කියවන්න. (කලාත්මක ඡායාරූපයක් ලබා ගැනීමට ඔවදනක්)