මම Madhawa, මහලොකු ඡායාරූප ශිල්පියෙක්වත් ඡායාරූපකරණය ගැන උපාධියක් තියෙන පුද්ගලයෙක්වත් නෙමෙයි, ඒත් ඡායාරූපකරණයට ආසාවක් තියෙන කෙනෙක්. මම දන්න පොඩි දැනුම බෙදාගන්න හිතුව.
සිංහලෙන් Photography ගැන සයිට් එකක් නැති නිසා මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
Site for teaching Photography in Sinhala.
මෙම අඩවිය දැන් අක්‍රියව පවතී. නව අඩවියට පිවිසීමට www.photographylk.com වෙත පිවිසෙන්න.
Monday, February 6, 2012
Photography සිංහලෙන් අඩවිය වසා දමන ලදී
Thursday, October 14, 2010
"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි
Saturday, July 31, 2010
රාත්‍රී දර්ශන ඡායාරූපකරණය
සම්පූර්ණ ලිපියට >>>
Saturday, July 24, 2010
පරිසර දර්ශන ඡායාරූපයට නැගීම
සම්පූර්ණ ලිපිය කියවන්න.
Wednesday, July 14, 2010
ක්‍රීඩා වල ඡායාරූප ගැනීම
Friday, June 25, 2010
සමූහ ඡායාරූපයක් ගැනීම
Saturday, June 19, 2010
පුද්ගල ඡායාරූප ගැනීම – 2
Sunday, May 30, 2010
වර්ණ රටා හා හැඩතල භාවිතා කරන්න
සම්පූර්ණ ලිපියට >>>
Saturday, May 22, 2010
රාමුව තුළ වස්තූන්ගේ චලනයන් ගැන සැළකිලිමත් වෙන්න
ඔබ ඡායාරූපයට නගන වස්තුව, පුද්ගලයා, සත්වයා චලනය වෙන දෙයක්/කෙනෙක් නම්, එම වස්තුවට/පුද්ගලයාට/සත්වයාට ඡායාරූපයේ රාමුව තුළ චලනය වෙන්න ඉඩ තියෙන විදිහට ඡායාරූපය ගන්න.
ඒ කියන්නෙ, උදාහරණයක් විදිහට මේ පහත තියෙන ඡායාරූපය ගනිමු. මෙහි ඇති මෝටර් රථය මාර්ගය දිගේ ඉදිරියට දිවෙනව. අපි ඡායාරූපය ගන්නකොට එම වාහනයට පිටුපසින් නෙමෙයි, ඉදිරියෙන් ඉඩ තියන්න ඕනෙ, එතකොටයි ඒ ඡායාරූපයේ තිබෙන වස්තුව චලනය වෙනවා වගේ අපිට පේන්නෙ, ඒ හැඟීම එන්නෙ. එතකොටයි ඒ ඡායාරූපයට ජීවයක් ලැබෙන්නෙ. හැමෝම කැමති තමුන්ගෙ ඡායාරූපය තාත්වික වෙන්නනෙ, මේ කියන විදිහට ගත්තම ඒ ගතිය ඔයාලට ඔයාලගෙ ඡායාරූපයට ලබල දෙන්න පුළුවන්. (මේ කතාව සම්බන්ධ පරණ ලිපියකුත් තිබෙනව, ඒකත් කියවල බලන්න.)
Saturday, May 8, 2010
ආලෝකයේ අසමානතා භාවිතා කරන්න (use Contrast)
සම්පූර්ණ ලිපියට >>>
Saturday, May 1, 2010
ක්ෂිතිජය සෘජුව තබා ගන්න
සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට අපි ඒක සෘජුව ගන්නව. නිර්මාණාත්මක දෙයක් ගොඩනඟන්න ඕනෙ උනාම පොඩ්ඩක් ඇල කරල එහෙමත් ඡායාරූප ගන්නව. නමුත් ඔයාල ක්ෂිතිජය සහිත ඡායාරූපයක් ගන්නවනම් මම යෝජනා කරන්නෙ අනිවාර්යයෙන්ම ඒක සෘජුව ගන්න කියල, ඒ කිව්වෙ ක්ෂිතිජය ඡායාරූපයේ රාමුවට (තිරස් පැත්තට) සමාන්තරව එන විදිහට ඡායාරූපය ගන්න. ඔයට ඕනෙ නෑ නෙ රාමුව තුල තියෙන දේවල් රාමුවේ එක පැත්තකින් එලියට වැටෙන්න දෙන්න?
සාමාන්‍යයෙන් බොහොමයක් ඩිජිටල් කැමරා වල තියෙනව ග්‍රිඩ් එකක් ලබා ගැනීමේ පහසුකම. මෙ වගේ වෙලාවකට ඒක පාවිච්චි කිරීමෙන් ඔයාල්ගෙ වැඩ ගොඩක් පහසු වෙයි.
Saturday, April 24, 2010
සමබරතාවය ගැන හිතන්න
රාමුව තුළ ඡායාරූපයේ සමබරතාවයක් තිබුනෙ නැත්තම් ඡායාරූපය එතරම් ඇසට ප්‍රියජනක වෙන්නෙ නෑ, ඒක නිසා සමබරතවය හරිම වැදගත්.
සමබරතාවය කියන එක වර්ණ වලින්, රාමුව තුළ තියෙන වස්තූන්ගෙන්, එහෙමත් නැත්තම් වර්ණ වල තද ලා බවෙන් වෙන්නත් පුළුවන්. ඒ ඒ වස්තූන්, වර්ණ හරි හැටි ස්ථානගත කිරීමෙන් ඔයාගෙ ඡායාරූපයේ සමබරතාවයක් ඇති කරගන්න.
මේ කියන සමබරතාවය, සමමිතික (විධිමත් එකක්, ස්ථිතික එකක්) වෙන්නත් පුළුවන්, අසමමිතික (අවිධිමත් නැත්තම් ගතික) වෙන්නත් පුළුවන්.
හිතන්න, සමමිතික ඡායාරූපයක තියෙන දේවල් නැවතිලා තියෙනව වගේ, උදාහරණයක් ගත්තොත් හිතන්න බයිසිකලයක නැගල වේගෙන් යන පාපැදිකරුවෙක්. එයාව අපි රාමුවේ මැදට ගත්තොත් අපිට එකපාරටම හිතෙන්නෙ එයා නැවතිලා කියලයි. නමුත් හිතන්න ඒ පාපැදි කරුවම රාමුවේ පැත්තකට ගත්තොත්? බලන කෙනාට හැඟීමක් එනව එයා ගමන් කරනව කියල. (මතකද දැන්නෙ නෑ පරණ ලිපියක මේ ගැන කියල තිබ්බ, රුවල් බෝට්ටුවක උදාහරණයක් සමඟ, ඒක බලන්න මෙතනින් යන්න)
Saturday, April 17, 2010
පසුබිම පිරිසිදුව තබා ගන්න
හුඟක් අය ඡායාරූපයක් ගන්නකොට හිතන්නෙ, මිනිස්සුන්ගෙ ඔළුව කපන්නෙ නැතුව ඡායාරූපය ගන්න එක ගැන විතරයි. ඒත් එයාල කරන ලොකු වැරැද්දක් තියෙනව. ඒ තමයි ඡායාරූපයට අනවශ්‍ය වස්තූන් ගොඩාක් ඇතුළු කර ගැනීම. ඒකෙන් ඡායාරූපයේ නාභිගත කරල තියෙන වස්තුවට ලොකු පාඩුවක් වෙන අතරෙම නරඹන්නාව වල්මත් කරනු ලබනවා. නරඹන්නා අසීරුවට පත් කරනව.
ඒ නිසා ඡායාරූපයේ පසුබිම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව. අපිරිසිදු කමින් මොකුත්ම ලැබෙන්නෙ නෑ, ඡායාරූපය කැත වෙලා අපිළිවෙල වෙන එක විතරයි වෙන්නෙ.
Saturday, April 10, 2010
Point-&-Shoot කැමරාවකින් Depth එක පාලනය කරමු

Saturday, April 3, 2010
Depth of Field | ක්ෂේත්‍ර ගැඹුර ගැන තවත් විස්තර

Sunday, March 28, 2010
සතියේ ඡායාරූපය
Saturday, March 27, 2010
දුර සමඟ ඡායාරූපයක ස්වභාවය වෙනස් කිරීම
වස්තුවට ආසන්න වෙන්න ආසන්න වෙන්න, ඔබේ වස්තුව, ඡායාරූපය පෞද්ගලික තත්වයට හරවනව. උණුසුම්, මනෝහර හැඟීමක් ඇති කරනව.
මෙහෙම ඡායාරූප ගන්නකොට මතක් කරල අනවශ්‍ය පසුබිමක් හා අනවශ්‍ය වස්තූන් පසුබිමෙහි නොලැබෙන විදිහට ඡායාරූපය ගන්න උත්සාහ කරන්න.
ඔබේ රාමුව සම්පූර්ණයෙන්ම අදාල වස්තුවෙන් පුරවන්න.
Saturday, March 20, 2010
මෙම සතියේ ඡායාරූපය
Friday, March 19, 2010
නොසිතෙන කෝණ භාවිතා කරන්න
ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.
Sunday, March 14, 2010
රාමු භාවිතා කරන්න
අපි හුඟක් වෙලාවට ෆොටෝ ප්‍රින්ට් කරල ඒකට රාමුවක් දාල ලස්සනට තියල තියනව. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? එම ඡායාරූපයට අවධානය ලබා ගැනීම. මීට අමතරව තවත් රාමු භාවිතා වෙන අවස්ථාවක් තියෙනව, ඒ තමා ඡායාරූපය ගන්නා අවස්ථාවේදී, ඡායාරූපය තුළ රාමු ගත කිරීම.
![]()
ඉතිරිය කියවන්න http://roosara.info/2010/03/රාමු-භාවිතා-කරන්න/ මෙතනට යන්න.