Friday, March 19, 2010

නොසිතෙන කෝණ භාවිතා කරන්න

ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.


සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.


සම්පූර්න ලිපිය කියවන්න >>>

Sunday, March 14, 2010

රාමු භාවිතා කරන්න

අපි හුඟක් වෙලාවට ෆොටෝ ප්‍රින්ට් කරල ඒකට රාමුවක් දාල ලස්සනට තියල තියනව. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? එම ඡායාරූපයට අවධානය ලබා ගැනීම. මීට අමතරව තවත් රාමු භාවිතා වෙන අවස්ථාවක් තියෙනව, ඒ තමා ඡායාරූපය ගන්නා අවස්ථාවේදී, ඡායාරූපය තුළ රාමු ගත කිරීම.



ඉතිරිය කියවන්න http://roosara.info/2010/03/රාමු-භාවිතා-කරන්න/ මෙතනට යන්න.

Saturday, March 13, 2010

ප්‍රමුඛ රේඛා සොයා යන්න. (Leading Lines)

මම මේක ගැනත් මීට ඉස්සර, පොඩ්ඩක් කියල තියෙනව.
ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව.
ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවික දේවල් නිසා හැදුනු) ඡායාරූපය තුළ පහළ සිට ඉහළට හෝ කෙළවරක සිට ඊට සම්මුඛ කෙළවරට මෙම රේඛා ගමන් කරන්න පුළුවන්. (ඇත්තෙන්ම කිව්වොත් ඒව ඡායාරූපයේ ප්‍රධාන වස්තුව අසලින් අවසන් වෙනව.)


ඡායාරූපයක් ගන්න රාමුවක් තෝර ගන්නකොට මුලින්ම බලන්න, වටපිටාව දිහා, ප්‍රමුඛ රේඛා විදිහට යොදාගන්න පුළුවන් දේවල් තියෙනවද කියල. මාර්ගයක්, වැටක්, දිගු සෙවණැල්ලක්, වගේ දෙයක්. මෙම රේඛාව පටන් ගන්න ඕනෙ රාමුවේ පහළින් (කෙළවරක හෝ මැදක සිට), ඒක ඊට පස්සෙ ඉහළටම ගිහින් තමා නතර වෙන්න ඕනෙ. (ප්‍රධාව වස්තුව අසලින් වගේ)
සරළ හා ඇල රේඛා තියුණු හා වේගවත්. වක්‍ර රේඛා සුමට හා එකමුතුයි. තිරස් රේඛා සාමකාමියි. සිරස් රේඛා ක්‍රියාකාරියි.
මේක බලන්නකෝ.

මෙහි පහළ තිබෙන අයිස් අතරින් ජලය මතුවෙලා තියෙන කොටස එක පාරටම ඇස ඇදල ගන්නව, ඊට පස්සෙ ඇස යනව ඒක දිගේ ඉහළට, ජලාශය තුළට, ඊට පස්සෙ කැඳු වැටියට.

හොඳම ප්‍රමුඛ රේඛා, පහළ වම්පස කෙළවරින් ඇරඹිලා අවසන් වන්නේ ඡායාරූපයේ ප්‍රධානම ලක්ෂයෙන්.

Blog අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.

මෙම බ්ලොග් අඩවිය එහි අළුත් නවාතැන වන www.roosara.info වෙත ගෙන යන ලදී. මෙම අඩවිය ඉවත් කිරීමක් සිදු නොවන අතර යාවත්කාලීන වීමද සිදුවනු ඇත.


මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.


ස්තුතියි.

Wednesday, March 10, 2010

ෆෝන් එකකින්, point and shoot එකකින් හොඳ ඡායාරූප ගන්න බැරිද ?

මගෙ රූසර අඩවියේ තවම පොඩි පොඩිඅවුල් ටිකක් තියෙනව, සහ ඒමට මම කට්ටියගෙ උදව්ත් ඉල්ලල තියෙනව. ඒව විසඳගන්න අතරෙ මේකෙ තව ලිපි ටිකක් ලියන්න හිතුව.
මේකෙ මාතෘකාවෙ තියෙන ප්‍රශ්නෙ මගෙනුත් කිහිපදෙනෙක් අහල තියෙනව හා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
මේකට උත්තරේ මම දෙන්න යනවට වඩා මට ලැබුන මේකට උත්තර ලියපු ඡායාරූපකරණය ගැන දැනුමත්තෙක්ගෙ ලිපියක්. මෙන්න මෙතනට ගිහිල්ල ඒක කියවල බලන්න, ඔයාලට උත්හරයක් ලැබෙයි.

http://aravindablog.wordpress.com/2009/08/09/ෆෝන්-එකකින්-හොඳ-ඡායාරූප-ග/

"ජංගම දුරකතන කැමරාවලින් ෆොටෝ ගැනිල්ල ගැන පහුගිය දිනවල කීපදෙනෙක් බ්ලොග්වල කියලා තිබුණා. ඉතිං ඒ ගැන ලියන්න හිතුණා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොඳ කලාත්මක ඡායාරූපයක් ගන්න නම් දාස් ගාණක් වියදම් කරලා අඩු ම ගාණේ 10 MP වත් වෙන DSLR එකක් ගන්නම ඕනේ කියලා. මතක තියා ගන්න කැමරාව කියන්නේ උපකරණයක් විතරයි.(Camera is only a TOOL)."

Saturday, March 6, 2010

Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි

මෙම බ්ලොග් අඩවිය, www.roosara.info වෙත ගෙනයාමට දැන් කටයුතු සූදානම් කරන ගමන්.
ඊට ඉස්සෙල්ල, මෙම අඩවිය කියවන්නන්ට වඩාත්ම හොඳ තැනක් කරන්න මට ඔයාලගෙන් අදහස් ටිකක් අවශ්‍යයි.


පරණ බ්ලොග් එකේ තියෙන ලිපි import කරන්නද මේකට?
මම ඇරුනම තවත් කිහිපදෙනෙක් මේකට සම්බන්ධ කරගන්න අදහසක් තිබෙනව, එතකොට අඩවියේ අන්තර්ගතයත් ඉක්මනින් ඉහළ යනව වගේම කියවන්නත් ගොඩක් දේවල් තියේවි. (එහෙම මගෙත් එක්ක එකතු වෙලා ලියන්න කැමති අය ඉන්නව නම් මට ලියන්න. madhawa(at)roosara(dot)info )
කොයි වගේ දේවල්ද ඔයාල මේ අඩවියෙන් බලාපොරොත්තු වෙන්නෙ? ඡායාරූපකරණය තූළ මොන වගේ පරාසයන්ද?

මේ ඇරුනම ඔයාලගෙ තව අදහස් තියෙනව නම් කරුණාකරල කියන්න. මට ඕනෙ ඔයාලට හොඳම අඩවියක් දෙන්න.