Saturday, March 27, 2010

දුර සමඟ ඡායාරූපයක ස්වභාවය වෙනස් කිරීම

වස්තුවට ආසන්න වෙන්න ආසන්න වෙන්න, ඔබේ වස්තුව, ඡායාරූපය පෞද්ගලික තත්වයට හරවනව. උණුසුම්, මනෝහර හැඟීමක් ඇති කරනව.


මෙහෙම ඡායාරූප ගන්නකොට මතක් කරල අනවශ්‍ය පසුබිමක් හා අනවශ්‍ය වස්තූන් පසුබිමෙහි නොලැබෙන විදිහට ඡායාරූපය ගන්න උත්සාහ කරන්න.


ඔබේ රාමුව සම්පූර්ණයෙන්ම අදාල වස්තුවෙන් පුරවන්න.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>

Saturday, March 20, 2010

මෙම සතියේ ඡායාරූපය

“සතියේ ඡායාරූපය” කියන එක අදනෙ පටන් ගත්තෙ. ඉතින් ඒකට ඡායාරූප කලාවේ විශේෂ පුද්ගලයෙක් එවපු ඡායාරූපයක් යොදා ගන්න හිතුව.
ශිල්පියා : ඉන්ද්‍රනාථ තේනුවර
තේමාව : මොණර තරඟය
ඔහු තව විස්තර ටිකකුත් එකතු කරනව.
“මේ ඡායාරූපය ගත්තෙ මඩකලපුව බලා යන අතරතුරදි. මාත් සමග ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පී රන්ජිත් සිල්වා මහතාත්, ප්‍රවීන ඡායාරූප ශිල්පී ඩොමිනික් හින්ඩ්ල් මහතාත් සිටියා. මේ මොණරා හිටියෙ ලොකු පිදුරු මිටියක් උඩ. කාර් එක නවත්තලා ඡායාරූප ගන්න හදද්දි ඩොමිනික් ඈහුවා ඌව එලවන්නද කියල. රන්ජිත් මහතාත් මාත් සූදානම් උනා ඒ ඈක්ෂන් පින්තූරය ගන්න. අපි දෙන්න ම කැමරාවේ කන්ටිනුවස් ෂටර් Continues Shutter (Burst) මෝඩ් එක දා ගත්තා. රන්ජිත් මහතාගේ කැමරාව Canon 5D එකක්. ඒකෙ තත්පරයට රාමු 11ක වේගයකින් ඡායාරූප සටහන් කර ගන්න පුලුවන්. මගේ Canon 40D කැමරාවෙ පුලුවන් තත්පරයට රාමු 9යි. අපි දෙන්නම කැමරා ක්‍රයාත්මක කළා. ඩොමිනික් මොණරාව එලෙව්වා. මෙන්න කොහේදෝ සිට මතුවෙච්ච සෙබඩෙකුත් රාමුව හරහා යනවා.. වාසනාවකට එයා අහු වුනේ මට විතරයි. මොකද දන්නවද රන්ජිත් මහතා භාවිතා කලේ 300 මිමී දුර රූප කාචයක්. මට තිබුනෙ 55-250 මිමී සූම් කාචයක්..!!!”

Friday, March 19, 2010

නොසිතෙන කෝණ භාවිතා කරන්න

ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.


සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.


සම්පූර්න ලිපිය කියවන්න >>>

Sunday, March 14, 2010

රාමු භාවිතා කරන්න

අපි හුඟක් වෙලාවට ෆොටෝ ප්‍රින්ට් කරල ඒකට රාමුවක් දාල ලස්සනට තියල තියනව. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? එම ඡායාරූපයට අවධානය ලබා ගැනීම. මීට අමතරව තවත් රාමු භාවිතා වෙන අවස්ථාවක් තියෙනව, ඒ තමා ඡායාරූපය ගන්නා අවස්ථාවේදී, ඡායාරූපය තුළ රාමු ගත කිරීම.



ඉතිරිය කියවන්න http://roosara.info/2010/03/රාමු-භාවිතා-කරන්න/ මෙතනට යන්න.

Saturday, March 13, 2010

ප්‍රමුඛ රේඛා සොයා යන්න. (Leading Lines)

මම මේක ගැනත් මීට ඉස්සර, පොඩ්ඩක් කියල තියෙනව.
ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව.
ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවික දේවල් නිසා හැදුනු) ඡායාරූපය තුළ පහළ සිට ඉහළට හෝ කෙළවරක සිට ඊට සම්මුඛ කෙළවරට මෙම රේඛා ගමන් කරන්න පුළුවන්. (ඇත්තෙන්ම කිව්වොත් ඒව ඡායාරූපයේ ප්‍රධාන වස්තුව අසලින් අවසන් වෙනව.)


ඡායාරූපයක් ගන්න රාමුවක් තෝර ගන්නකොට මුලින්ම බලන්න, වටපිටාව දිහා, ප්‍රමුඛ රේඛා විදිහට යොදාගන්න පුළුවන් දේවල් තියෙනවද කියල. මාර්ගයක්, වැටක්, දිගු සෙවණැල්ලක්, වගේ දෙයක්. මෙම රේඛාව පටන් ගන්න ඕනෙ රාමුවේ පහළින් (කෙළවරක හෝ මැදක සිට), ඒක ඊට පස්සෙ ඉහළටම ගිහින් තමා නතර වෙන්න ඕනෙ. (ප්‍රධාව වස්තුව අසලින් වගේ)
සරළ හා ඇල රේඛා තියුණු හා වේගවත්. වක්‍ර රේඛා සුමට හා එකමුතුයි. තිරස් රේඛා සාමකාමියි. සිරස් රේඛා ක්‍රියාකාරියි.
මේක බලන්නකෝ.

මෙහි පහළ තිබෙන අයිස් අතරින් ජලය මතුවෙලා තියෙන කොටස එක පාරටම ඇස ඇදල ගන්නව, ඊට පස්සෙ ඇස යනව ඒක දිගේ ඉහළට, ජලාශය තුළට, ඊට පස්සෙ කැඳු වැටියට.

හොඳම ප්‍රමුඛ රේඛා, පහළ වම්පස කෙළවරින් ඇරඹිලා අවසන් වන්නේ ඡායාරූපයේ ප්‍රධානම ලක්ෂයෙන්.

Blog අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.

මෙම බ්ලොග් අඩවිය එහි අළුත් නවාතැන වන www.roosara.info වෙත ගෙන යන ලදී. මෙම අඩවිය ඉවත් කිරීමක් සිදු නොවන අතර යාවත්කාලීන වීමද සිදුවනු ඇත.


මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.


ස්තුතියි.