Sunday, May 30, 2010

වර්ණ රටා හා හැඩතල භාවිතා කරන්න

බලන්නකො මේ ඡායාරූපය. ඔයාලත් ඡායාරූපයක් ගන්නකොට, වටපිටාවේ තියෙන වර්ණ, හිතල අල්ලන වර්ණ රටා ඡායාරූපයට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒකෙන් ඡායරූපයට තවත් වටිනාකමක් එකතු වේවි.


සම්පූර්ණ ලිපියට >>>

Saturday, May 22, 2010

රාමුව තුළ වස්තූන්ගේ චලනයන් ගැන සැළකිලිමත් වෙන්න

ඔබ ඡායාරූපයට නගන වස්තුව, පුද්ගලයා, සත්වයා චලනය වෙන දෙයක්/කෙනෙක් නම්, එම වස්තුවට/පුද්ගලයාට/සත්වයාට ඡායාරූපයේ රාමුව තුළ චලනය වෙන්න ඉඩ තියෙන විදිහට ඡායාරූපය ගන්න.


ඒ කියන්නෙ, උදාහරණයක් විදිහට මේ පහත තියෙන ඡායාරූපය ගනිමු. මෙහි ඇති මෝටර් රථය මාර්ගය දිගේ ඉදිරියට දිවෙනව. අපි ඡායාරූපය ගන්නකොට එම වාහනයට පිටුපසින් නෙමෙයි, ඉදිරියෙන් ඉඩ තියන්න ඕනෙ, එතකොටයි ඒ ඡායාරූපයේ තිබෙන වස්තුව චලනය වෙනවා වගේ අපිට පේන්නෙ, ඒ හැඟීම එන්නෙ. එතකොටයි ඒ ඡායාරූපයට ජීවයක් ලැබෙන්නෙ. හැමෝම කැමති තමුන්ගෙ ඡායාරූපය තාත්වික වෙන්නනෙ, මේ කියන විදිහට ගත්තම ඒ ගතිය ඔයාලට ඔයාලගෙ ඡායාරූපයට ලබල දෙන්න පුළුවන්. (මේ කතාව සම්බන්ධ පරණ ලිපියකුත් තිබෙනව, ඒකත් කියවල බලන්න.)


සම්පූර්ණ ලිපියට >>>

Saturday, May 8, 2010

ආලෝකයේ අසමානතා භාවිතා කරන්න (use Contrast)

Contrast කියන එක ආලෝකය වගේම වර්ණ ගැන කතා කරනකොටත් අදාළ දෙයක්. වර්ණ වල අසමානතා, ආලෝකය අඳුර, නිවැරදිව යොදා ගන්නව නම්, ඒ හරහා ඉතාම කලාත්මක නිර්මාණයක් කරන්න පුළුවන්. ආලෝකය හා අඳුර එකට එකතු කිරීම මගින් ඒ දෙක අතර ඉතාම හොඳ ඝට්ටනයක් ඇති කරල ඉතාම ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්.


සම්පූර්ණ ලිපියට >>>



Saturday, May 1, 2010

ක්ෂිතිජය සෘජුව තබා ගන්න

සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට අපි ඒක සෘජුව ගන්නව. නිර්මාණාත්මක දෙයක් ගොඩනඟන්න ඕනෙ උනාම පොඩ්ඩක් ඇල කරල එහෙමත් ඡායාරූප ගන්නව. නමුත් ඔයාල ක්ෂිතිජය සහිත ඡායාරූපයක් ගන්නවනම් මම යෝජනා කරන්නෙ අනිවාර්යයෙන්ම ඒක සෘජුව ගන්න කියල, ඒ කිව්වෙ ක්ෂිතිජය ඡායාරූපයේ රාමුවට (තිරස් පැත්තට) සමාන්තරව එන විදිහට ඡායාරූපය ගන්න. ඔයට ඕනෙ නෑ නෙ රාමුව තුල තියෙන දේවල් රාමුවේ එක පැත්තකින් එලියට වැටෙන්න දෙන්න?


සාමාන්‍යයෙන් බොහොමයක් ඩිජිටල් කැමරා වල තියෙනව ග්‍රිඩ් එකක් ලබා ගැනීමේ පහසුකම. මෙ වගේ වෙලාවකට ඒක පාවිච්චි කිරීමෙන් ඔයාල්ගෙ වැඩ ගොඩක් පහසු වෙයි.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>

Saturday, April 24, 2010

සමබරතාවය ගැන හිතන්න

රාමුව තුළ ඡායාරූපයේ සමබරතාවයක් තිබුනෙ නැත්තම් ඡායාරූපය එතරම් ඇසට ප්‍රියජනක වෙන්නෙ නෑ, ඒක නිසා සමබරතවය හරිම වැදගත්.


සමබරතාවය කියන එක වර්ණ වලින්, රාමුව තුළ තියෙන වස්තූන්ගෙන්, එහෙමත් නැත්තම් වර්ණ වල තද ලා බවෙන් වෙන්නත් පුළුවන්. ඒ ඒ වස්තූන්, වර්ණ හරි හැටි ස්ථානගත කිරීමෙන් ඔයාගෙ ඡායාරූපයේ සමබරතාවයක් ඇති කරගන්න.


මේ කියන සමබරතාවය, සමමිතික (විධිමත් එකක්, ස්ථිතික එකක්) වෙන්නත් පුළුවන්, අසමමිතික (අවිධිමත් නැත්තම් ගතික) වෙන්නත් පුළුවන්.


හිතන්න, සමමිතික ඡායාරූපයක තියෙන දේවල් නැවතිලා තියෙනව වගේ, උදාහරණයක් ගත්තොත් හිතන්න බයිසිකලයක නැගල වේගෙන් යන පාපැදිකරුවෙක්. එයාව අපි රාමුවේ මැදට ගත්තොත් අපිට එකපාරටම හිතෙන්නෙ එයා නැවතිලා කියලයි. නමුත් හිතන්න ඒ පාපැදි කරුවම රාමුවේ පැත්තකට ගත්තොත්? බලන කෙනාට හැඟීමක් එනව එයා ගමන් කරනව කියල. (මතකද දැන්නෙ නෑ පරණ ලිපියක මේ ගැන කියල තිබ්බ, රුවල් බෝට්ටුවක උදාහරණයක් සමඟ, ඒක බලන්න මෙතනින් යන්න)


සම්පූර්ණ ලිපියට >>>

Saturday, April 17, 2010

පසුබිම පිරිසිදුව තබා ගන්න

හුඟක් අය ඡායාරූපයක් ගන්නකොට හිතන්නෙ, මිනිස්සුන්ගෙ ඔළුව කපන්නෙ නැතුව ඡායාරූපය ගන්න එක ගැන විතරයි. ඒත් එයාල කරන ලොකු වැරැද්දක් තියෙනව. ඒ තමයි ඡායාරූපයට අනවශ්‍ය වස්තූන් ගොඩාක් ඇතුළු කර ගැනීම. ඒකෙන් ඡායාරූපයේ නාභිගත කරල තියෙන වස්තුවට ලොකු පාඩුවක් වෙන අතරෙම නරඹන්නාව වල්මත් කරනු ලබනවා. නරඹන්නා අසීරුවට පත් කරනව.


ඒ නිසා ඡායාරූපයේ පසුබිම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව. අපිරිසිදු කමින් මොකුත්ම ලැබෙන්නෙ නෑ, ඡායාරූපය කැත වෙලා අපිළිවෙල වෙන එක විතරයි වෙන්නෙ.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>