සාමාන්‍යයෙන් රාත්‍රියේ ඡායාරූප ගන්නව කියන්නෙ, අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නව කියන එකටයි. ආලෝකය අඩු නිසා, කැමරාවෙ විවරය (aperture) වැඩි වෙලාවක් විවරව පැවතිය යුතුයි. ඒ එක්කම වඩා දිගු නිරාවරණයක් (longer exposure) හා අඩු shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් පුළුවන් කාච භාවිතා කරන්න. ඔයාට වේගවත් නිරාවරණ වේගයක් ලබාගන්න ඕනෙ නම් ISO එක වැඩි කරන්න. නමුත් මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, ISO වැඩි වෙනකොට ඡායාරූපයේ noise එක වැඩි වෙනව කියන එක.
සම්පූර්ණ ලිපියට >>>
මම Madhawa, මහලොකු ඡායාරූප ශිල්පියෙක්වත් ඡායාරූපකරණය ගැන උපාධියක් තියෙන පුද්ගලයෙක්වත් නෙමෙයි, ඒත් ඡායාරූපකරණයට ආසාවක් තියෙන කෙනෙක්. මම දන්න පොඩි දැනුම බෙදාගන්න හිතුව.
සිංහලෙන් Photography ගැන සයිට් එකක් නැති නිසා මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
Site for teaching Photography in Sinhala.
මෙම අඩවිය දැන් අක්‍රියව පවතී. නව අඩවියට පිවිසීමට www.photographylk.com වෙත පිවිසෙන්න.
Saturday, July 31, 2010
Saturday, July 24, 2010
පරිසර දර්ශන ඡායාරූපයට නැගීම
හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.
සම්පූර්ණ ලිපිය කියවන්න.
සම්පූර්ණ ලිපිය කියවන්න.
Wednesday, July 14, 2010
ක්‍රීඩා වල ඡායාරූප ගැනීම
ක්‍රීඩා කියන්නෙ ඉතා වේගවත් ක්‍රියාකාරකම් තියෙන අවස්ථා, ඉතින් ඒ වගේ වෙලාවල් වල ඡායාරූප ගන්නකොට හරියට අවශ්‍ය දේ ගන්න වේගවත් වෙන්න ඕනෙ.
ඔබට සැලැස්මක් තියෙන්න ඕනෙ. මුලින්ම තීරණය කරල ඉන්න ඔබට ගන්න ඕනෙ මොනවගේ අවස්ථාද කියල. අනිවාර්යයෙන්ම ඒ අදාල ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන්න ඕනෙ, ඔබට අවශ්‍ය ආකාරයේ ඡායාරූප ගන්න නම්.
පුළුවන් තරම් උත්සාහ කරන්න, ඡායාරූප ගන්න ඉතාම ගැළපෙන තැනින් කැමරාව තියාගන්න. ක්‍රීඩාවේ හැටියට එම ස්ථානය වෙනස් වෙන්න පුළුවන්, නමුත් ඉර ඔබට පිටුපසින් තබාගන්න.
Friday, June 25, 2010
සමූහ ඡායාරූපයක් ගැනීම
අද අපි කතා කරන්නෙ සමූහ ඡායාරූප ගැනීම ගැන.
බොහෝ වෙලාවට සමූහ ඡායාරූපයක් ගන්නව කියන්නෙ එක පාරටම කරන්න බැරි දෙයක්. එහෙම පුළුවන් උනොත් ඉතින් වාසනාව තමයි. සමූහ ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට ඡායාරූප ශිල්පියාට සිදුවෙනවා, ඡායාරූපයට ගැළපෙන විදිහට වටපිටාව හා පුද්ගලයින්ව සකසා ගන්න. ඒක නිසා කොයි වෙලේවත් පසුබටවෙන්නෙපා, අධ්‍යක්ෂක වෙලා, ඉන්න කට්ටියට කියන්න, කොහොමද/කොයි තැන් වලද හිටගන්න ඕනෙ, ඉඳගන්න ඕනෙ, කොහොමද ඉන්න ඕනෙ, කියල. හැබැයි කට්ටියව හුඟක් වෙලා රස්තියාදු කරන්න නම් එපා.
Saturday, June 19, 2010
පුද්ගල ඡායාරූප ගැනීම – 2
ඡායාරූපයට ලක් වෙන පුද්ගලයාව ජනේලයක් අසලින් තබනවා නම් අංශක 45ක ඇලයකට ආලෝකය වැටන විදිහට තියන්න. මුහුණේ අඳුර වැටි තිබෙන පැත්ත පරාවර්තකයක් භාවිතා කරල ආලෝකමත් කරන්න. නිවෙස තුළ තිබෙන විදුලි පහනක් උනත් කමක් නෑ, හැබැයි ඒකත් අංශක 45ට වැටන්න තියෙන්න පුළුවන් නම් හොඳයි. (අංශක 45ට තියෙන කොට තමා ලස්සනටම ආලෝකමත් වෙන්නෙ, සෙවණැළි අඩු වෙන්නෙ.) පුද්ගල ඡායාරූප වලට අවශ්‍යම විශේෂම දේ තමයි මෘදු ආලෝකය. තව මතක තියාගන්න ඕනෙ දේවල් තමයි, හරියට white balance එක හදන්න, සැණෙලියක් භාවිත කල යුතු නම් Red eye reduction ක්‍රියාත්මක කරන්න.
Sunday, May 30, 2010
වර්ණ රටා හා හැඩතල භාවිතා කරන්න
බලන්නකො මේ ඡායාරූපය. ඔයාලත් ඡායාරූපයක් ගන්නකොට, වටපිටාවේ තියෙන වර්ණ, හිතල අල්ලන වර්ණ රටා ඡායාරූපයට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒකෙන් ඡායරූපයට තවත් වටිනාකමක් එකතු වේවි.
සම්පූර්ණ ලිපියට >>>
සම්පූර්ණ ලිපියට >>>
Subscribe to:
Posts (Atom)