Friday, October 2, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .2 - "Focusing"

ඉස්සෙල්ල ලිපියෙන් අපි white balance ගැන කතා කළා, මේකෙදි තව දෙයක් ගැන කතා කරමු. ඒ තමයි "Focusing".
මේක හරිම ලේසි වැඩක්. මේකෙ ප්‍රධාන අවස්ථා 3ක් ගැන කතා කළ යුතුයි.

Auto Focus (AF mode) කැමරාවේ සැකසුම් Auto Focus mode එකට දාන්න (AF). එවිට කැමරාව තීරණය කරාවි, නාභි ගත කළ යුතු ස්ථානය. මෙහිදී කැමරාව, එයට ලබා දී ඇති AF points වල තිබෙන වස්තූන්ට නාභි ගත කරගන්නව. ඔබට තියෙන්නෙ නාභි ගත කළයුතු වස්තුව AF point එකකට ස්ථානගත කරල ඡායාරූපය ගන්න. 
එහිත් විවිධ සැකසුම් තියෙන්න ඉඩ තියෙනව, One Shot, AI Servo or Continuous, AI Focus වගේ.
මේකෙ බලන්න මම අර කිව්ව AF points තියෙන හැටි.


Manual Focus (MF mode)
ඔබට අවශ්‍ය නම් ඔබේ අතින්ම නාභි ගත කිරීම් කරන්න, නැත්තම් නිර්මාණාත්මක ඡායාරූපයක් ගන්න, කැමරාව MF mode එකට දාගන්න. හැබැයි මෙහිදී ඔබට සිදු වෙනව අතින් කැමරාවෙ කාච පද්ධතිය සීරු මාරු කරල වස්තුවට නාභිගත කරගන්න.

Off center shooting
ඔබට ඡායාරූපය ලබා ගත යුත්තේ වස්තුව ඡායාරූපයේ කෙළවරකට වෙන්න තියල නම් ඔබ Focus Locking කියන එක පාවිච්චි කරන්න වෙනව. එහිදී වෙන්නෙ වස්තුවට නාභිගත කරගත් පසු කැමරාව වෙනස් කළත් නාභිය දුර වෙනස් නොවී තිබීම. එතකොට ඔබට පුළුවන් වස්තුව ඡායාරූපයේ පසෙකට වන්නට සකසල ඡායාරූපය ගන්න.
කරන්නෙ මෙහෙමයි, මුලින්ම AF mode එකට දාල, වස්තුව AF point එකකට කරල shutter button එක අඩක් වන්නට ඔබන්න, එවිට කැමරාව AF points වල ඇති වස්තූන්ට නාභිගත වෙනව. බොත්තම ඔබාගෙනම, අවශ්‍ය පරිදි වස්තූන් සකසාගෙන ඡායාරූපය ගන්න. (shutter button එක සම්පූර්ණයෙන්ම එබීම මගින්.)




බොහෝ විට AF/MF බොත්තම තියෙන්නෙ කැමරාවේ කාච පද්ධතිය සමඟ. බලන්න මේක දිහා, ඔබට පේනවද මම ඒ කිව්ව බොත්තම?






ඊළඟට "Metering Mode" එක ගැන බලමු.

1 comment:

  1. Manual Focus ගැන නම් කියලා වැඩක් නෑ.macro mode දාන්නේ නැතුව ළග තියෙන වස්තු උනත් අපූරුවට ගන්න පුලුවන්,මම ගාව ඉතින් තියෙන්නේ දුරකතනයේ කැමරාවා තමා,ඒත් ඒකේ Manual Focus කරන්න පුලුවන් steps විදියට විතරයි(කාච කරකවන්න නෑනේ :( )ඒත් නැතුවට වඩා ඒකත් ලොකු දෙයක්,දුරකතනයේ Manual Focus ඕනි නම් CYBERSHOT XPERIENCE 7.7 ගැන හොයලා බලන්න(හැම එකටම තියෙනවද නම් දන්නේ නෑ ;) )

    ReplyDelete