Exposure bracketing වලදි කරන්නෙ අපි කියන නිරාවරණ අගයක ඉඳන් ඊට වඩා නිරාවරණය වැඩි (over exposed) හා අඩු කර (under exposed), එම අවස්ථාවේ තවත් ඡායාරූප කිහිපයක් ගැනීමයි.
ඔබේ කැමරාවෙ වර්ගය අනුව එසේ ලබා ගන්නා ඡායාරූප ගණන වෙනස් වෙන්න පුළුවන්, එය 3ක් හෝ 5ක් වෙන්න පුළුවන්. පළමු ඡායාරූපය සම්මත නිරාවරණ තත්වය යටතේ ලබාගෙන, දෙවැන්න ගන්නෙ over expose කරල, තෙවැන්න under expose කරල ගන්නව. මුලින්ම කැමරාව Automatic bracketing mode එකට හදා ගන්න. (AEB හෝ BKT)
ඉන්පසු අවශ්‍ය ඡායාරූපය ලබා ගන්න. ඔබේ කැමරාව තිබෙන්නෙ Burst හෝ Continuous හෝ Continuous Drive mode එකේ නම් ඔබට shutter බොත්තම ඔබන්න වෙන්නෙ එක පාරයි, Single Shot mode එකේ නම් තියෙන්නෙ කිහිප පාරක් ඔබන්න වෙයි. අවශ්‍ය නම් ඔබට පුළුවන් නිරාවරණ මට්ටම ඔබට අවශ්‍ය ලෙස සකසල bracket exposure කරන්න. (manually bracket the exposure)
බලන්නකො මේ පහලින් තිබෙන ඡායාරූප, මේව අර කිව්ව විදිහට bracket exposure කරල ගත්තු ඒව. පළවෙනි එක over exposed, දෙවැන්න normal exposure, තෙවැන්න under exposed.
මේක බලන්න, මේ exposure levels හදාගන්න තියෙන screen එක. එතනදි ඔයාලට පුළුවන් over හා under exposures සඳහා exposurelevel එක හදා ගන්න.
හරි මේක මෙහෙම කළා කියමුකෝ. ඒත් මොකද්ද මේකෙ තියෙන ප්‍රයෝජනේ? ප්‍රයෝජනේ තමයි, මේකෙන් අපිට හිතාගන්න පුළුවන්, එම අවස්ථාවේ එම ආලෝක තත්වයට ගැළපෙන හොඳම නිරාවරණ මට්ටම මොකද්ද කියල තීරණය කරගන්න පුළුවන් එක. ඊට පස්සෙ එක තෝරාගත් නිරාවරණ මට්ටම පාවිච්චි කරල අපිට ඡායාරූප ගන්න පුළුවන්.
Good article. I think its better to explain why we need this..
ReplyDeleteස්තුතියි. ඇත්ත, මට ඒක ගැන ලියන්න අමතක උනා, ඔන්න මම පෝස්ට් එකට ඒ ගැන ලියල දැම්ම.
ReplyDeleteela ela . . . keep writing we are here to read and get this usefull info . . . !!
ReplyDelete