Friday, February 12, 2010

ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි

මම මීට පෙර ලිපි කිහිපයකදී ඔයාලට කියල දුන්න කලාත්මක, ඉස්තරම් ඡායාරූපයක් ගන්න හැටි, හැබැයි බොහොම කෙටියෙන්. මෙතන ඉදල ටිකක් විස්තරාත්මකව ඒ ගැන කියන්න හිතුව. 
කලාත්මක ඡායාරූපයක් ගන්න, හොඳ කැමරාවක්, හොඳ පරිසරයක්, ඒ සම්බන්ධව පොඩි තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යයි.  ඊට අමතරව තව දේවල් තිබෙනව. 
  • වස්තූන් අවශ්‍ය පරිදි සංකලනය කරගැනීමට ඇති හැකියාව හොඳ ඡායාරූපයකට අත්‍යවශ්‍ය සාධකයක්. මේකෙ මතක තියාගන්න මහ ලොකු දේවල් නෑ, ටික ටික පුරුදු වෙන්න, කාලයක් යනකොට, ඡායාරූප ගොඩක් ගන්නකොට ඔයාටම තේරෙයි, ඔයාගෙ හැකියාව වර්ධනය වෙනව කියල.
  • දෙවැන්න, "වාසනාව". හරි තැන හරි වෙලවට හිටියොත් ඔයාට මේ ලෝකෙ තියෙන හොඳම ඡායාරූප ගන්න පුළුවන්.  :)
අපි ඊලඟ ලිපි වලින් මෙන්න මේව ගැන බලමු. සමහර ඒව නම් මම මීට ඉස්සෙල්ලත් කියල තියෙනව.
  • නාභි ගත කළ යුත්තේ කොහෙටද
  • Rule of Third
  • Leading Lines
  • සංයුක්තයන් වළකන හැටි
  • රාමුගත කිරීම
  • නොසිතන කෝණ වලින් ඡායාරූප ගැනීම
  • දුර පිළිබඳ අවබෝධය
  • පසුබිම පිරිසිදු කිරීම
  • සමබරත්වය
  • අසමානතාවය භාවිතය
  • ආලෝකය සොයා ගැනීම
  • ගැඹුර
  • වර්ණ හා හැඩතල
මේ දේවල් ගැන අඩු වැඩිව ඉදිරි ලිපි වලින් විස්තර කේරේවි. සමහර දේවල් ඉස්සර කියල තියෙන නිසා, වැඩි විස්තර නොලියන්නත් ඉඩ තිබෙනව. (පරණ ලිපියට සබැඳියක් දාන්නම්කො.)


මේ මට ඊ මේල් එකකින් ආපු ඡායාරූප ටිකක්, ඔයාලටත් මේක ඇවිල්ල ඇති සමහරවිට.






පොඩි ඔවදනක්, 
ඡායාරූපයක කලාත්මක බව තියෙන්නෙ ඒකෙ තියෙන ලස්සන රූපයකින් විතරක් නෙමෙයි, ඒකෙන් කියවෙන කතාවත් ඉතාම වැදගත්.

9 comments:

  1. මම මේ බ්ලොග් එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඉදිරි ලිපි එනකන් මග බලාගෙන ඉන්නෙ..මගෙ ෆොටෝ බ්ලොග් එකෙන් මේ බ්ලොග් එකට ලින්ක් එකකුත් දැම්මා.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. මම ඔබේ ෆොටෝ බ්ලොග් එක බැලුව, කොමෙන්ට්ස් කිහිපයකුත් දැම්ම, ඔබ දකින්න ඇතිනෙ.
    ඔයාල වගේ මගෙත් එක්ක ඉන්න අය නිසා තමයි, මේක දිගටම කරැන යන්න ධෛර්යය ලැබෙන්නෙ.

    ReplyDelete
  3. මට නම් ඡායාරූප ගන්න එක තරම් අමාරු වැඩක් වෙන නෑ :D :D
    වැදගත් කරුණු ගොඩාක් තියේ.. දිගටම ලියන්න, නවත්තන්න එපා.. ජය!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මල්ලියා...

    ReplyDelete
  5. හතරවැනි පින්තුරය ස්වාභාවික පින්තුරයක් නෙමේ, එය වෙළඳ දැන්වීමකට ගත් සංස්කරණ කළ පින්තුරයක් (මට මතක ඇති ආකාරයට).

    ReplyDelete
  6. @බිன்ku~: සමහරවිට වෙන්න ඇති. මම එච්චරම ඒක ගැන හිතුවෙ නෑ.

    ReplyDelete
  7. ඇත්තටම අපි පාවිච්චි කරන normal digital camera SLR නොවන ඒවගෙන් ප්රදරශන මට්ටමේ ඡායාරෑප ගන්න බැරිද

    ReplyDelete
  8. බැරිම නෑ, ගානට අවශ්‍ය විදිහට සැකසුම් හදාගත්තම් පුළුවන්. නමුත් ගොඩාක් professional looking photos ගන්න බෑ.

    ReplyDelete
  9. Good Luck
    Godak dewal igenaganna puluwan.
    Youtube channel ekakin video ehemath karanam apita thava watinava

    ReplyDelete