Sunday, February 28, 2010

අතිපිහිත වීම් වළක්වන්න

මොකද්ද මේ අන්ඩර දෙමළෙ කියල බලනවද? තේරෙන බාසාවෙන් කියන්නම්කො. සරළව කිව්වොත් Avoid mergers.
ටිකක් අසීලාචාර, හාස්‍යජනක ඡායාරූපයක් නෙමෙයි නම් ගන්නෙ, පොඩ්ඩක් වටපිටාවෙ තියෙන කණු, ගස්, අතු, හෝ වෙනත් වස්තූන් ගැන සැළකිලිමත් වෙන්න. ඒවායින් ඡායාරූපයට ලක් වෙන පුද්ගලයා, සත්වයා හෝ වස්තුව යන්තම්වත් වැහෙන්න දෙන්න එපා. අන්න ඒවට තමා ඡායාරූපශිල්පීන් mergers කියල කියන්නෙ.




අනිත් දෙය තමා ඡායාරූපයක් ගන්නා විට කිසිම වෙලාවක ඒකෙ ඉන්න අයගෙ අත පය කැපෙන විදිහට ඡායාරූපයක් ගන්න එපා. ඒකට කියන්නෙ border mergers කියල. මේ ඉහළ ඡායාරූපය බලන්නකො, ඒකෙ කොටියාගෙ කකුල් කැපිල ගිහිල්ල. ඒකෙන් මේ ඡායාරූපයේ වටිනාකම ගොඩාක් අඩු වෙලා.
ඔය අපේ සමහරුත් ෆොටෝ ගන්නකොට කෑලි නැතුව ගන්නෙ, මීට පස්සෙ එහෙම ගන්නෙපා.
(Portrait mode එකට මේ කතා වලංගු නෑ.) 

2 comments:

  1. ඒක වලක්වන්න නම් හැකි තරම් Over head Space ඒක අඩු කරන්නට හා අනවශ්‍ය දන්ත වලක්වා හැකි තරම් අවශ්‍ය දන්ත ඇතුලත් වන විදිහට ගන්න උත්සහ කරන්න ඕනේ.

    මගේ මුල් ජායාරූප ඇතැමක් මේ වැරද්දත් කරලා තියෙනවා. =D

    ReplyDelete
  2. ඔයාගෙ කතාව හරියටම හරි. ඒත් සමහර වෙලාවල් තියෙනව, blank space එක අවශ්‍ය වෙන.
    දත්ත අනවශ්‍ය තරම් ඇතුල් වීමත් හොස්අ නෑ.

    ReplyDelete