Saturday, March 6, 2010

Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි

මෙම බ්ලොග් අඩවිය, www.roosara.info වෙත ගෙනයාමට දැන් කටයුතු සූදානම් කරන ගමන්.
ඊට ඉස්සෙල්ල, මෙම අඩවිය කියවන්නන්ට වඩාත්ම හොඳ තැනක් කරන්න මට ඔයාලගෙන් අදහස් ටිකක් අවශ්‍යයි.


පරණ බ්ලොග් එකේ තියෙන ලිපි import කරන්නද මේකට?
මම ඇරුනම තවත් කිහිපදෙනෙක් මේකට සම්බන්ධ කරගන්න අදහසක් තිබෙනව, එතකොට අඩවියේ අන්තර්ගතයත් ඉක්මනින් ඉහළ යනව වගේම කියවන්නත් ගොඩක් දේවල් තියේවි. (එහෙම මගෙත් එක්ක එකතු වෙලා ලියන්න කැමති අය ඉන්නව නම් මට ලියන්න. madhawa(at)roosara(dot)info )
කොයි වගේ දේවල්ද ඔයාල මේ අඩවියෙන් බලාපොරොත්තු වෙන්නෙ? ඡායාරූපකරණය තූළ මොන වගේ පරාසයන්ද?

මේ ඇරුනම ඔයාලගෙ තව අදහස් තියෙනව නම් කරුණාකරල කියන්න. මට ඕනෙ ඔයාලට හොඳම අඩවියක් දෙන්න. 


13 comments:

  1. මේකෙත් තියල ඒකටත් ‍import කරන්න. පුලුවන් නම් මේකත් අප්ඩේට් කරන්න.

    අන්තර්ගතය ඉහළ ගියත් ගුණාත්මක බව රැකගන්න බලන්න.

    ReplyDelete
  2. පලමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා ඔබේ මේ වටිනා සේවයට.
    ගොඩක් දේවල් ඉගෙනගත්තා සහෝදරයා.

    "පරණ බ්ලොග් එකේ තියෙන ලිපි import කරන්නද මේකට?" - ඔව්. ඒක හොඳ අදහසක් සහෝදරයා.

    "කොයි වගේ දේවල්ද ඔයාල මේ අඩවියෙන් බලාපොරොත්තු වෙන්නෙ? ඡායාරූපකරණය තූළ මොන වගේ පරාසයන්ද?"

    මම නම් බලාපොරොත්තු වෙන්නේ එදිනෙදා ජීවිතයේදී, උදාහරණයක් විදිහට විනෝද චාරිකාවක, එදිනෙදා ජීවිතයේදී හමුවන අවස්ථා මෙන්ම, hobby එකක් විදිහට ඡායාරෑපකරණයේ යෙදී සිටින, Domestic Digital Cam එකකට කරන්න පුළුවන් මොන පරාසයද කියලා දැන ගන්න. දැනටමත් මම ඒ ඡායාරෑපකරණයේ යෙදෙන අතර ඒ පිලිබඳ දැනගැනීමට කැමැත්තක් ඇත.

    ඔබේ සේවය ඉදිරියටම කරගෙන යන්න.

    ReplyDelete
  3. @ගයාන්: ඒකෙන් මේක අප්ඩේට් කරන එක ගැන නම් හිතල බලන්න වෙනව. මේකෙන් ඒක අප්ඩේට් කරන්න නම් පුළුවන්, නමුත් ඒකෙන් මේක අප්ඩේට් කරන්න පුළුවන්ද කියල හොයල බලන්න ඕනෙ. බලමුකො.
    අනිවාර්යයෙන්ම, ලිපි වල ගුණාත්මක භාවය ගැන නම් මම හිතනව.

    @මිස්සක: මගෙන් කෙනෙක් දෙයක් ඉගෙන ගන්නවනම්, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් ඒක මට ලොකු සතුටක්.
    ඔබේ අවශ්‍යතාවය ගැන මම බලන්නම්, ඇත්තම කිව්වොත් ඒක තමා වැදගත්, මොකද කීයෙන් කීදෙනෙක් ගාවද තියෙන්නෙ DSLR.
    ස්තුතියි අදහස් වලට.

    ReplyDelete
  4. Contract me at http://scr.im/narada

    We can discuss on this and make the blog better, I can write on your blog.

    Let's make it "Sinhala Mashable of Photography" ;)

    ReplyDelete
  5. ඔව්, මේක ආයි එලම සයිට් එකක් කරමු. ස්තුතියි උදව් කරන්න ඉදිරිපත් උනාට.

    ReplyDelete
  6. පරන ලිපි අරකට import කරන්න.. අපි හැමදාම බ්ලොග් එක බලනවා.. දිගටම ලියන්න.. :)

    ReplyDelete
  7. ගොඩාක් හොදයි වැඩේ, ‍ගොඩක් වටිනව.එක දිගටම මුලු බිලොග් එකම කියෙව්ව.‍අහක දාන්න නම් දෙයක් ඇත්තෙම නෑ.මාත් Photography කරනව.කැමතියි, පුලුවන් උදව්වක් දෙන්න. ලියන්න මට.saweera_gamage@yahoo.com

    ReplyDelete
  8. මේ බ්ලොග් එක හරි වටිනවා.මේක තව දියුනු කරනවා නම් වැඩියෙන්ම සතුටු වෙන්නෙ මේ බ්ලොග් එකෙන් යමක් ඉගෙනගත්ත අපි.ඔබ දැන් මූලික දැනුම ලබාදෙමින් යනවා.ඉදිරියෙදි විවිධ අංශයන් ගැනත් වෙන වෙනම ලියනවනම් කැමතියි.උදාහරන විදියට මංගල ඡායාරූප,පරිසරය,සතුන් වගේ දේවල් ඡායාරූප ගතකරන විදි ගැන...

    ReplyDelete
  9. @Kanishka :ඔන්න එහෙනම් import කරන්නම්.

    @Imal : ස්තුතිටි, මම ඔයාට මේල් කරන්නම්.

    @ප්‍රියන්ත : ස්තුතියි අදහස් වලට. මට ඔය හැම දෙයක්ම මේකට ඇතුළත් කරන්න ඕනෙකම තියෙනව, නමුත් මගෙ දැනුම සීමිතයි, ඒ නිසා මට උදව් අවශ්‍යයි ඒ වගේ වෙනත් මාතෘකා ගැන ලියන්න. ඒකනෙ මම තව කට්ටිය මේ වැඩේට සෙට් කරගන්න හදන්නෙ. එහෙම අය ඉන්නව නම් කරුණාකරල එයාලව මට සම්බන්ධ කරවන්න.

    ReplyDelete
  10. මේ බ්ලොග් එක මුල ඉදලම කියවනවා. ගොඩක් දේවල් ඉගන ගත්තා. බ්ලොග් එකත් යාවත්කාලින වුනොත් හොදයි වෙබ් අඩවිය වගේම. තවත් මූලික කරුණු ටිකක් වැඩිපුර සාකච්ඡා වුනොත් හොදයි. ආලෝක කරණය වගේ දේවල්. මං ගාවත් තියෙන්නෙ Point & Shoot කැමරාවක්. ඉතින් ඒ ගැන ටිකක් වැඩිපුර කතා කලොත් මම නම් කැමතියි.

    ReplyDelete
  11. ස්තුතිය අදහස් වලට, මම ඒ ගැනත් බලන්නම්.

    ReplyDelete
  12. දෙවෙනි ගමනට සුබ පැතුම් ;)
    බ්ලොග් දෙකම එකපාර අප්ඩේට් කරන්න ඕන නම් Zoundry Raven වගේ බ්ලොගින් මෘදුකාංගයක් භාවිතා කරන්න. අපිත් පුලු පුලුවන් විදියට උදව් කරන්නම්:)

    closeup and macro photography ගැනත් ලියන්න පුළුවන් අගෙයි.
    මේ සත් ක්‍රියාව දිගටම කරන් යන්න සුබපැතුම්.

    ReplyDelete
  13. ස්තුතියි අදහස් වලට. මම එක පාරක් ZR පාවිච්චි කලා, නමුත් එච්චර ඇල්ලුවෙ නැති නිසා අත ඇරල දැම්ම. බලන්නම් ආපහු. ඕව්, ඒව ගැනත් ලියන්න හිතාන ඉන්නව.

    ReplyDelete