Saturday, September 19, 2009

ඡායාරූපකරණයේදී ආලෝකය භාවිතය

ඡායාරූපකරණය කියන එක, එක අතකින් හඳුන්වන්න පුලුවන්, "ආලෝක කිරණ සටහන් කරගැනීමක්" විදිහට. ඒක නිසා තමයි, ඡායාරූපයක් ගැනීමේදී ආලෝකය කියන දේ එච්චරටම වැදගත් වෙන්නෙ. 
ඡායාරූපයේ සම්පූර්ණ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ ඒ ඡායාරූපයේ තියෙන ආලෝක තත්වයන් හා පවතින ආලෝක තත්වයන්ගේ නිවැරදි භාවිතය මත. ඒ නිසා ආලෝකකරණය ඉතාම පරිස්සමෙන් තෝරා ගත යුතු වෙනව. 
දවල් කාලයේදි ඉරෙන් ලොකු එලියක් ලැබෙනව, ඒ වගේම ඒකෙන් තියුණු සෙවණැලිත් වැටෙනව, ඒ වගේ වෙලාවට ගැලපෙන විදිහට ඡායාරූපය හදාගන්න (compose) ඕනෙ.


ආලෝකය හුඟක් වැඩි නම්, මිනිස් රූපයක් වගේ ගන්නව නම්, සෙවණ ඇති තැනකට යන එක වඩා හොඳයි. නැත්තම්, පරාවර්තක (reflectors), විසරක (diffusers) වගේ භාවිතා කරල ආලෝකය පාලනය කර ගන්න ඕනෙ වෙනව. නැත්තම් ඡායාරූපය අවලස්සන වෙයි.
නැත්තම් තව දෙයක් කරන්න පුලුවන්. ප්‍රභල සැණෙලියක් භාවිතා කරල ව්‍යාජ සූර්යයාලෝකයක් ඇති කරල අර ඇති වෙනව කිව්ව සෙවණැලි ආලෝකයෙන් පිරවීම. ඒකට කියන්නෙ fill flash කියල. හැබැයි ඒක කරනකොට දැනට පවතින සූර්යයලෝකයේ වර්ණය ගැනත් හිතන්න ඕනෙ.


තව දේවල් පස්සට.

3 comments:

  1. ඔයාගෙ මේ වැඩේ නම් මියමයි.කවුරුහරි මේ ටික එකතු කරලා පොතක් ගහයිද කියලයි මට බය.කොහොම උනත් දිගටම ලියන්න.ඔයා ගත්තු ඡායාරූපත් අපට පෙන්නනවානම් අපි හරි කැමතියි.

    ReplyDelete
  2. හ්ම්ම්, ඒවගේ අනතුරක් නම් තවම නෑ, හැබැයි වෙන්නත් බැරිකමක් නෑ.
    මම වැඩිපුර ඡායාරූප අරන් නෑ, මොකද මගෙ ලඟ, මගෙ ෆෝන් එකේ කැමරාව (VGA 0.3MP) ඇරුනම වෙනත් කැමරාවක් නෑ. :( නමුත් මම විශ්ව විද්‍යාලයෙදි ගත්තු ඒව මට ලැබුණු වහාම මම දාන්නම්.

    ReplyDelete
  3. ගොඩක් වැදගත් කරුණු ටිකක්..

    ReplyDelete