Thursday, September 24, 2009

කලාත්මක ඡායාරූපයක් ලබා ගැනීමට ඔවදනක්

අපිට කැමරාවක් අරන් හතරවටේ ෆොටෝ ගන්න පුලුවන්, ඒත් ඒවයින් කීයෙන් කීයද කලාත්මක ඒව වෙන්නෙ. චිත්‍ර ශිල්පියෙක් ඡායාරූපයක් ගන්න ගියොත් නම් ඔහු ටිකක් ඒ ගැන හිතයි, ඒත් වෙනත් සාමාන්‍ය කෙනෙක් ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.


මම පොඩ්ඩක් ඒ ගැන කියන්නම්, හැබැයි මේව නීති නෙමෙයි රීති, ඕනෙ කෙනෙකුට කඩන්න පුලුවන්.
ඡායාරූපයක ඇති වැදගත් දේවල්
  • එහි ඇති රේඛා හා වක්‍රයන් දිගේ ඇස ගමන් කරන ආකාරය.
  • ඡායාරූපයේ ඇති එකිනෙකට වෙනස් කොටස් එකට එකතු වී ක්‍රියාත්මක වන ආකාරය.
  • එහි ඇති වර්ණ සංකලනය
සරළව කිව්වොත් ඔබ ගන්නා ඡායාරූපය වෙනත් කෙනෙක් දැක්කොත් ඔහුගේ හෝ ඇයගේ හිත ඒකට ඇදිල යන විදිහට ඔබ ඔබේ ඡායාරූපය ගන්න ඕනෙ.
ඔබේ ඡායාරූපයට පුලුවන් වෙන්න ඕනෙ ඒකටම ආවේණික කතාවක් කියන්න.
ඡායාරූපයක් ලස්සන කරගන්න පුලුවන් ප්‍රධානම ක්‍රම කිහිපයක් තියෙනව. (composition methods)
  • S – Curves
  • Rule of thirds
  • Golden points

S – Curves
S – Curve එකක් කියල කියන්නෙ ඡායාරූපය බලන්නාගේ ඇස ඡායාරූපය තුළ ගමන් කරන වක්‍ර රේඛාවක්. මේ වගේ වක්‍ර රේඛා ඡායාරූපය තුළ තියෙනකොට, බලන පුද්ගලයාගේ අවධානය හැම වෙලේම ඡායාරූපය තුළ තියෙනව.



Rule of Thirds
ඔබට හිතිල නැද්ද, ඡායාරූපයක තියෙන දෙයක් ඒ ඡායාරූපයේ හරි මැද තියෙනවට වඩා පැත්තෙන් තිබ්බ නම් වඩා ලස්සනයි කියල. බලන්න මේ රූප දෙක දිහා. කොයිකද වඩා ලස්සන?


මට නම් හොඳ දකුණු පැත්තෙ එක.
අපි සලකන දෙය ඡායාරූපයේ මැද තිබ්බොත් අපිට හිතෙනව ඒක නැවතිලා කියල, ඒක පැත්තකට කලොත් අපිට හිතෙනව ඒක ගමන් කරනව කියල. ඡායාරූපයක් ගතික (dynamic) නම් අපිට ඒක වඩා ලස්සනට පේනව.
Rule of thirds කියන එකෙන් කියවෙන්නෙ, ඡායාරූපය හරියටම කොටස් 9කට බෙදුවොත්, දිග අතට හා හරස් අතට රේඛා 2 බැගින් ඇඳල, ඒ රේඛා දිගේ යන විදිහට ඡායාරූපය කොටස් වෙලට බෙදෙන විදිහට ඡායාරූපය ගන්න කියන එක. ඒ රේඛා වල ඡේදන ලක්ෂ වලට ඡායාරූපයේ වැදගත් දෙවල් ටික එන විදිහට ඒක compose කරගන්න. මොකද කිව්වොත් මිනිස් ඇස මුලින්ම යන්නෙ අන්න ඒ ලක්ෂ වලට නිසා.
බලන්න මේ ඡායාරූපය, අහස ඉහළම කොටසටත්, මුහුද මැද කොටසටත්, වෙරළ හා පොළව පහලම කොටසටත් එන විදිහට ඡායාරූපය අරන් තියෙනව. ඒත් එක්කම මේකෙ තියෙන වැදගත්ම දේ වෙන මිනිස් රූපයත් ඒ රේඛාවක් මතට අරන් තියෙනව.


මේක ගැන මොකද හිතන්නෙ?


Golden Points
මේක තවත් ක්‍රමයක්. ඡායාරූපකරණයට විතරක් නෙමෙයි, තව හුඟක් තැන් වල මේක යෙදෙනව, හැම කලාත්මක දෙයකටම වගේ. Golden ratio කියන්නෙ යම් අනුපාතයක්. ඒකෙ අගය වෙන්නෙ 1.618:1. මේ අනුපාතයට තියෙන ඕනෙම දෙයක් ලස්සනයි, සම්පූර්ණයි කියල තමයි කියන්නෙ. මේ අගය ලැබෙන්නෙ Fibonacci series කියන ශ්‍රේණියෙන්. (1, 2, 3, 5, 8 …)
දෙවන ඉලක්කම, පළමු ඉලක්කමෙන් බෙදාගෙන ගියාම අන්තිමේදි ලැබෙන අගය තමයි 1.618.
ඡායාරූපකරණයේදි මේක ඕනෙ මොකටද?
එතනදි තමයි Golden points කියන සංකල්පය එන්නෙ. ඡායාරූපයට භාවිතා කරන ප්‍රදේශයේ තියෙන දේවල් golden points වල තියෙනවනම් තමයි ඒව වඩාත්ම කැපිල පේන්නෙ. (Rule of thirds එකේ ඡේදන ලක්ෂ ටිකත් මේ ලක්ෂ වලට ලඟයි.)
අපි කොහොමද ඒ තැන් ටික හොයාගන්නෙ?
සරළයි, ඡායාරූපයක් කියන්නෙ ඍජුකෝණාස්‍රයක්නෙ, විකර්ණයක් ඇඳල, ඒකට තව ශීර්ෂයක ඉඳල ලම්භකයක් අඳින්න. ඔන්න එක Golden point එකක් ලැබුන, ඔහොමම අනිත් Golden points ටිකත් හොයා ගන්න පුලුවන්.
මේක බලන්න, මේකෙ තියෙනව අර කිව්ව ඍජුකෝණාස්‍රය 1:1.618 කියන අනුපාතයට බෙදාගෙන ගිහිල්ල golden point එක හොයාගන්න ආකාරය.


ඒවට අමතරව හොඳ ඡායාරූපයක් compose කරන්න පුලුවන් තව ආකාර තියෙනව.


Triangle
ඡායාරූපය තුළ ත්‍රිකෝණාකාර ප්‍රදේශයකට බලන්නාව හිරකරගන්න එක තමා මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ. අනිත් වටපිටාව සම්පූර්ණයෙන් බොඳ කරල දාල, ප්‍රධාන වස්තුව තුළ විතරක් බලන්නාව තබා ගැනීම තමයි මේකෙන් කරන්නෙ.



Eye Contact
ඇසෙන් ඇස ගැටීම. මේකෙන් ඡායාරූපය තුළ ගලා යාමක් ඇති කරනව. බලන්න මේ ඡායාරූපය දිහා, ළමයා බළලා දෙස බලා ඉන්නව, බළලා අපි දෙස බලා ඉන්නව. අපේ ඇසුත් ඒ දිගේම ගලා යනව නේද?




Tight portraits
පුද්ගල ඡායාරූපයක් ගැනීමෙදී වැදගත්ම දෙයක් තමයි, අනවශ්‍ය සියලුම දේවල් ඉවත් කරල පුද්ගලයා කැපී පෙනෙන ආකාරයට ඡායාරූපය ගැනීම.
බලන්න මේ ඡායාරූපය, පසුබිමේ තිබෙන ටීපෝව හා පැදුර ඡායාරූපයට අනවශ්‍යයි, ඒ නිසා ඒ දේවල් ඉවත් කරල පුද්ගලයාගෙන් ඡායාරූපය සම්පූර්ණයෙන්ම පිරවීම තමයි මෙතනදි වෙන්නෙ.


Expression (හැඟීම් ප්‍රකාශනය)
ඡායාරූපයකට හැකියාවක් තියෙන්න ඕනෙ බලන්නා සමඟ අදහස් හුවමාරු කරගන්න, බලන්නාට අදහස් දෙන්න. ඡායාරූපය හැඟීම් ප්‍රකාශනය හා ක්‍රියාකාරිත්වය අතින් ඉහළින් තියෙන්න ඕනෙ. බලන්න මේක, දරුවාගේ කුතුහලය, සෙල්ලම් බඩුවට තියෙන ආසාව, ඒ ගැන සොයාබලන්න තියෙන ආසාව ඔයාලට තේරෙනවද?


ඡායාරූපයට ලක්වන්නාගේ මට්ටමට පිවිසීම
ඡායාරූපයක් ගන්නකොට එයට ලක්වන දේහි මට්ටමට පිවිසිය යුතු වෙනවා.
පොඩි දරුවෙක්ගෙ ඡායාරූපයක් ගන්නව නම් ඔහුගේ මට්ටමේ සිට ගන්නා ඡායාරූපය තමයි වඩාත්ම කලාත්මක වෙන්නෙ. සතෙක්ගෙ ඡායාරූපයක් ගත යුත්තේ ඉහලින් නොවෙයි, එම සත්වයාගේ උසෙහි සිට සමාන්තරව.
පඩි පෙළක ඡායාරූපයක් ගන්නවනම් ඒක වඩා ලස්සන පහළ සිට ඉහළට ගත්තොත් නේද?

මේ කිව්වෙ සාමාන්‍යයෙන් භාවිතා වන ටිකක්. ඔයාලට මීට වඩා නිර්මාණශීලීව හිතන්න පුලුවන් නේද? එහෙනම් ඇයි තවත් බලා ඉන්නෙ, හිතල බලල ගන්න හොඳ, ලස්සන, කලාත්මක ඡායාරූපයක්.






15 comments:

  1. ගොඩක් වැදගත් අයියා
    මගෙන් සුභපැතුම් දිගටම කරගෙන යන්න

    ReplyDelete
  2. වටිනා තොරතුරු ටිකක්. උදාහරන එක්ක තියෙන නිසා හරිම පැහැදිලියි.
    ස්තූතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  3. හොඳ ලිපියක් යාළුවා.
    //හැබැයි මේව නීති නෙමෙයි රීති, ඕනෙ කෙනෙකුට කඩන්න පුලුවන්//

    ඒ කතාව වැදගත්. සිද්ධාන්ත කඩන්න නම් ඉස්සෙල්ලා සංද්ධාන්ත දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් කලාත්මක ඡායාරූප ක්ෂේත්‍රයට පිවිසෙන කෙනෙකුට මේ රීති ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

    ReplyDelete
  4. Sinhalen Blog hadana heti mata kiyala denna puluwanda..? call 0777 366663 or 0757 366663
    Obe me uthsahayata godak udau karanna mata puluwan wewi.

    ReplyDelete
  5. wOw!! Nice Tips..!!

    ගොඩක් ස්තූතියි..

    Golden Points කතාව නම් තේරුනේ නෑ වගේ.. o_O

    ReplyDelete
  6. හැමෝටම ස්තුතියි අදහස් වලට.
    @ Indranatha Thenuwara: ඔබට මම ඒ ගැන ඕනෙම දෙයක් කියල දෙන්නම්. ඔබ මට උදවු වීමට පෙළඹීම මට ගෞරවයක්, ස්තූතියි.
    @ ගයන්ත: Golden Points ගැන මම ඉදිරියේදී තවත් විස්තර ටිකක් කියන්නම්.

    ReplyDelete
  7. Good article...
    Better if this blog have Email subscription
    Good Luck

    ReplyDelete
  8. "අනිත් වටපිටාව සම්පූර්ණයෙන් බොඳ කරල දාල, ප්‍රධාන වස්තුව තුළ විතරක් බලන්නාව තබා ගැනීම තමයි මේකෙන් කරන්නෙ" -

    වටාපිටාව බොද කරන්නේ කොහොමද? එහෙම ගත්තු ජායාරුප දැකතිබුනත් කරන විධිය ගැන අවබෝධයක් නැ

    ReplyDelete
  9. SLR වල යම් වස්තුවකට කැමරාව නාභිගත කළ විට අනෙකුත් දේ සාමාන්‍යයෙන් බොඳවී යනවා. (ගැළපෙන ආකාරයේ සැකසුම් කරල තිබුනම.) Depth Of Field එක අඩු සැකසුමක් තෝරාගත්තම පැහැදිලිව පේන්නෙ ඒ අවශ්‍ය වස්තුව විතරමයි.
    නැතිනම් මේ ආකාරකයේ ඡායාරූප ගැනීම සඳහාම සැකසූ විශේෂ පෙරණ (filters) තිබෙනව.

    ReplyDelete
  10. Rohan sirge babage photos danna permission gaththada?? :D

    ReplyDelete
  11. ඔව් ඔව්, ම්ම සර්ට කිව්ව එයාගෙ නෝට්ස් වල තියෙන ඒව ටිකකුත් දානව කියල, සර් කිව්ව කිසිම ප්‍රශ්නයක් නෑ ඕනෙ එකක් දාන්න කියල.
    ඒත් දැන් දාන්නෙ නෑ, මොකද මම ඒ නෝට්ස් වලින් පිටටත් දැන් යන නිසා. වෙනත් තැන් වලින් තොරතුරු හා රූප ගන්නව.

    ReplyDelete
  12. එල...

    ගොඩාක් වැදගත්...! : )

    ReplyDelete
  13. හරිම වැදගත්, ස්තුතියි

    ReplyDelete