Saturday, October 31, 2009

වස්තුව ආලෝකමත් කරන්න

එළිමහනේ ඡායාරූප ගැනීමේදී හොඳම වෙලාව තමයි උදේ වරුව සහ හවස් වරුව. මොකද කිව්වොත් ඒ වෙලාවට ආලෝකයයත් සෞම්‍යයි, සෙවණැලි දිගයි. පුද්ගල ඡායාරූප වලට නම් දවල් කාලය හරිම නරකයි, තද සෙවණැලි, පුන්චි කරගත්තු ඈස්, කැතයිනෙ නේද? එහෙම වෙලාවට ඡායාරූප ගන්නම ඕනෙ නම් එම පුද්ගලයාව සෙවණකට එක්කගෙන ගිහිල්ල ඡායාරූපය ගන්න. Fill flash එකක් ගහල අඳුරු තැන් ආලෝකමත් කරගන්න.





මතකයේ තබාගන්න, වළාකුළු සහිත දවස්, පුද්ගල ඡායාරූපයන් ගැනීමට ඉතාම හොඳයි.
  • පසුබිම ආලෝකමත් අවස්ථා (back lighting) වලදි ඡායාරූප ගැනීමේදී හුඟක් සැළකිලිමත් වෙන්න ඕනෙ. නිර්මාණාත්මක ඡායාදර්ශනයක් ගන්න ඕනෙ නැත්තම් මේ ගැන සැළකිලිමත් වෙන්න වෙනවා. කෑමරාව ස්වයංක්‍රීයව එම ආලෝකයට ගැළපෙන විදිහට සැකසුම් කරගත්තොත් පෙරබිමේ තිබෙන සියළුම දේවල් අඳුරු වෙයි. එම නිසා Fill flash එකක් භාවිතා කරන්න. සමහරවිට සැණෙලිය ඔබට manually on කරන්න වෙයි.
  • නිවෙසක් තුළ නම් ඡායාරූපය ගන්නෙ, එම වස්තුව හෝ පුද්ගලයාව, සෘජුව ආලෝකය නොවැටෙන ජනේලයක් අසළ රඳවා ඡායාරූපය ගන්න. 
  • නිවෙසක් තුළ අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූපයක් ගන්නා විට කෑමරාවෙ ඈති සැණෙලිය භාවිතා කරන්න, තවත් ආලෝකය අවශ්‍ය නම් මේස ලාම්පු වගේ දේවල් භාවිතා කරන්න. මතක තබා ගන්න, ආලෝක ප්‍රභවයන් වස්තුවට අංශක 45ක ඇලයකින් තබන්න. 
  • ආලෝක ප්‍රභවයන් කෑමරාව ඉදිරියෙන් නොතිබෙන්නට වග බලාගන්න, නැත්තම් කාචය දිලිසීම්, වෘත්තාකාර ආලෝක වළලු, දේදුනු එහෙම පේන්න ගනී.
  • අවශ්‍ය පරිදි පරාවර්තක, විසරක භාවිතා කරන්න. 
ආලෝකය ගැන සැළකීමෙදී, ආලෝකයේ දිශාව, වර්ණය, තීව්‍රතාවය, වැනි දේවල් ගැන සිතිය යුතුයි. ස්වභාවික ආලෝකය හා කෘතිම ආලෝකය එකිනෙකට වෙනස්.
භූමි දර්ශන ඡායාරූපයට ගැනිමේදී සැනෙළියෙන් ප්‍රයෝජනයක් නෑ. එය ගැලපෙන්නෙ, ආසන්න වස්තූන් ඡායාරූපයට නඟන විට පමණයි, නමුත් මතක තබාගන්න, සැණෙලිය මගින් ඡායාරූපයේ ගැඹුර වැඩි කරනව.

7 comments:

  1. ෂා..... නියම blog එකක්නේ.
    අද තමයි දැක්කේ. මුලු blog එකම කියෙව්වා. ගොඩක් වටිනවා.

    ReplyDelete
  2. හරිම ප්‍රයෝජනවත් මේ ලිපි . . . මම නම් ආසම බ්ලොග් එකක් උඹේ මේ බ්ලොග් එක මචං . . .

    ReplyDelete
  3. බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. ඇත්තටම ප්‍රයෝජනවත් ලිපි පෙළක්. මේ ළිපි නිසාම කැමරාවක් ගන්න වැඩෙත් ඉක්මන් උනා. දිගටම ලියන්න. comments දැම්මත් නැතත් blog එක නම් බලනවා.
    බොහොමත්ම ස්තූතියි..

    ReplyDelete
  5. නියමයි අයියා එල තරහ නැතිව ලිපියක් දමනවද ජාතික හැදුනුම්පත් පොටෝ ගන්න විදිය ගැන

    ReplyDelete
  6. Watina blog ekak
    Mamath photography aluthen patan ganna kenek..
    Thank u Madhawa

    ReplyDelete