Sunday, October 25, 2009

විසරක (Diffusers) භාවිතය

මොනවද මේ විසරක (diffusers)? 
විසරකයකින් කරන්නෙ, සැණෙළියෙන් හෝ වෙනත් ආලෝක ප්‍රභවයකින් පැමිණෙන ආලෝකය විසුරුවා හැර, තද සෙවණැලි, තියුණු ලෙස ආලෝකවත් වූ ප්‍රදේශ, දිලිසුම් ඇතිවන ප්‍රදේශ, නැති කර ආලෝකය හරි හැටි පාලනය කිරීමයි. වෙනත් වචන වලින් කිව්වොත් ආලෝකය මෘදු කිරීම තමයි විසරකයකින් වෙන්නෙ. 
ඔබේ කැමරාවේ සැණෙළිය සමඟ පහත රූපයේ වැනි විසරකයක් ලැබුනා නම් එය අනිවාර්යයෙන් සැණෙළියට සවි කරගත යුතුයි.

බලන්න මේ ඡායාරූප දිහා, මේවා අරන් තියෙන්නෙ හිරු එළිය යටතේ. ඉහළ ඡායාරූපය අරන් තියෙන්නෙ විසරකයක් භාවිතා කරල සූර්යයාලෝකය විසුරුවා හැරල. පහළ ඡායාරූපය අරන් තියෙන්නෙ ඍජුව වැටෙන සූර්යාලෝකය යටතේමයි. 


බලන්න වෙනස. විසරකයක් භාවිතා කළාම තියුණු දිලිසීම්, වස්තුව අපැහදිලිවීම් නැතිවී තිබෙනව.

විසරක මිලදී ගැනීමට එතරම් මහන්සි වෙන්න, මුදල් වියදම් කරන්න අවශ්‍ය නෑ, ඔබටම පුළුවන් ඔබේම විසරක සාදා ගැනීමට. හරිම සරළයි. 
කුමක් හෝ පාරභාෂක (Semi transparent) දෙයක් භාවිතා කිරීම තමා කළ යුත්තේ. තෙල් කඩදාසියක්, පාරභාෂක ප්ලාස්ටික් ටින් පියනක් වැනි දෙයක් පහසුවෙන්ම විසරකයක් ලෙස භාවිතා කළ හැකියි. 
මම පරාවර්තක ගැන කියද්දි අර ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ ගැන කිව්ව මතකද? ඒවා මොකටද භාවිතා වෙන්නෙ කියල මම ඒ වෙලාවෙ කිව්ව. 
ඒව භාවිතා වෙන්නෙ, පරාවර්තක හා විසරක ලෙස.

4 comments:

  1. Keep this up brother. I've suscribed to your blog some time ago. Your Articals are very valubel for people like me trying to learn photography.

    To make this blog even better include some photos if you can. For example you could have included two photos with and without diffusers in this artical. Please do this if you can.

    Once again thank you for doing this blog and hope you will keep it up.

    ReplyDelete
  2. අදහස් වලට ස්තුතියි, මම ඒ වගේ උදාහරණ සහිතව පරණ ලිපි ලිව්ව, නමුත් මේ දින වල ටිකක් කාර්යබහුල නිසා වඩා දිගු ලිපි ලිවීමේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනව. ඒ ගැන සමාව ඉල්ලනවා.

    ReplyDelete
  3. Thanks for the update :)

    I read most of your previous articles. They are very informative.

    keep this great blog going.

    ReplyDelete
  4. නියමයි . . . ඔයාගේ මේ වැඩෙත් (බ්ලොග් එකත්) හරිම ප්‍රයෝජනවත් . . . අපි වගේ සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරා එකක් අරගෙන කොහේ හරි ගිය වෙලාවට පින්තූර ගන්න කට්ටියට . . .

    ජය වේවා මලේ . . .

    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා . . . ! !

    ReplyDelete