Wednesday, October 21, 2009

පරාවර්තක (Reflectors) භාවිතය

පරාවර්තකයක් කියන්නෙ රෙදිවලින් හෝ එවැනි ද්‍රව්‍යයකින් සෑදූ රිදී වැනි දිලිසෙන ද්‍රව්‍යයක් ආලේප කරන ලද තිරයක් වැනි දෙයක්. එමගින් කරන්නෙ තද සූර්යයාලෝකය, සැණෙලියෙන් ලැබෙන තද ආලෝකය, පරාවර්තනය කර එම ආලෝකය නොලැබෙන ස්ථාන ආලෝකමත් කිරීම. ඔබ දැකල ඇතිනෙ ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ, ඒවා භාවිතා වෙන්නෙ පරාවර්තක ලෙස. (විසරක (Diffusers) ලෙසත් ඒවම භාවිතා වෙනවා.)



තද ආලෝක තත්ව යටතේ පුද්ගල ඡායාරූප ගන්නකොට ඒ පුද්ගලයාගේ මුහුණට ආලෝකය කෙලින්ම නොවැටෙන්න වග බලාගන්න. ඇස් පුංචි කරගෙන වපර කරගෙන ඡායාරූපයකට ඉන්න බෑනෙ.
ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයාගේ මුහුණට පහළින් පරාවර්තකයක් තබන්න. (හැබැයි ඡායාරූපයට අහුවෙන්න නෙමෙයි.) එමගින්, අස් අවට, නාසය පහළ, නිකට, බෙල්ලේ ඉහළ කොටස වගේ හරියට ආලෝකමත් නොවූ ස්ථාන ආලෝකමත් කරගන්න.
ඇතුළත ස්ථානයකදී ජනේලයක් අසලදී, පුද්ගලයෙකුගේ, වස්තුවක, සුරතලෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී ජනේලයට අනෙක් පසින් පරාවර්තකයක් අටවා, ඇතිවන සෙවණැලි වළක්වා ගන්න පුළුවන්.

6 comments:

  1. හරිම වටිනව යාලුවෙ..

    ReplyDelete
  2. පොතක් ගහන්න වටිනව තොරතුරු ටික :)

    ReplyDelete
  3. අයියේ කලාත්මක ජායාරූපයකට පරාවර්තකය බාදාවක් වෙන්නේ නැද්ද

    ReplyDelete
  4. එහෙම කියන්න බෑ, කලාත්මක ගතියක් ගන්නත් ඒකෙන් පුළුවන් වගේම ඒව නැතුවත් කලාත්මක ගතියක් ගන්න පුළුවන්.
    සාමාන්‍යයෙන් පරාවර්තක භාවිතා වෙන්නෙ පුද්ගල ඡායාරූප ගැනීමේදියි, එහිදී නම් පරාවර්තක යොදාගෙන ආලෝකය පාලනය අනිවාර්යයෙන්ම වගේ කරන්න වෙන්වා.

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි..

    ඔය පරාවර්තක ගැන නම් වැඩිය තේරෙන්නෙ නෑ..
    පස්සෙ වෙලාවක තව වැඩියෙන් පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.. :)

    ReplyDelete
  6. malli godak hodai oyakarana vade mama photografy karanne inne italy digatama karagena yanna apitath puluvan udauva karannam me mage email eka mahavithanage@ahoo.it

    ReplyDelete