Saturday, October 17, 2009

ත්‍රිපාදයක් (Tripod) භාවිතය


අඩු ශටර වේගයක් යොදාගෙන ඡායාරූප ගැනීමේදී ත්‍රිපාදයක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද කිව්වොත් කැමරාවේ ශටරය දිගු වේලාවක් විවෘතව තිබෙන නිසා කැමරාව නිශ්චලව පැවතීම අනිවාර්යයි. නැතිනම් ඡායාරූපය සෙලවී බොඳවී යනව. මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව wider aperture එකක් පාවිච්චි කරල ඡායාරූප ගන්න. අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමේදී මෙය අත්‍යවශ්‍යයි. Telephoto lens එකක් භාවිතා කරන අවස්ථා වල, macro lens එකක් භාවිතා කරන අවස්ථා වලදිත් ත්‍රිපාදයක් භාවිතා කළ යුතුයි.
ත්‍රිපාදයක් එහෙ මෙහෙ අරන් යන්න අමාරු නම් monopod එකක් අරන් යන්න. ඒකෙ තියෙන්නෙ එක කකුලයි. රැගෙන යාමත් ලේසියි. අඩු ඉඩක් ගන්නෙ, කුඩා ඉඩක උනත් පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්.

දැන් ජංගම දුරකථන වලටත් ත්‍රිපාද තියෙනව, ජංගම දුරකථන කැමරාවකිනුත් ලස්සනට ඡායාරූප ගන්න පුළුවන්, මේව පාවිච්චි කරල.

වැදගත් දෙයක්, ඔබේ කැමරාවෙ/කාච පද්ධතියෙ Image Stabilization හෝ Vibration Reduction පිළිබඳ සැකසුම් තිබෙනව නම් ඒව අක්‍රිය කරන්න. (දෙකෙන්ම කරන්නෙ එකම දේ නෙ, ඉතින් මොකටද එකම වැඩේ කරන්න දෙකක් පාවිච්චි කරන්නෙ.) නැත්තම් සමහර කැමරාවල නම් ත්‍රිපාදයක් සම්බන්ධ කරල කියල හඳුනා ගන්න උපක්‍රමත් තියෙනව.

3 comments:

  1. Image Stabilization /Vibration Reduction ඇතිව ත්‍රයිපොඩ් එකක් භාවිතා කිරීම තුලින් පිංතූරයේ තත්වයට යම් බල පෑමක් සිදුවෙන්න පුලුවන්ද?

    ReplyDelete
  2. එහෙම කිසිම විශේෂ බලපෑමක් වෙන්නෙ නෑ, නමුත් සමහර වෙලාවට පොඩි සංඝටනයක් ඇතිවෙන්න ඉඩ තියෙනව.

    ReplyDelete