Tuesday, February 23, 2010

ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි - 1 - නාභිය ලක්ෂය සොයාගන්න

ඡායාරූපය තුළ ගොඩාක් වස්තූන් තියෙනව නම් අපේ ඇහැට හිතාගන්න අමාරුයි කොහෙට නාභිගත කළ යුතුද, මොකක් බැලිය යුතුද කියල. ඡායාරූපයක් තුළ කොතන බැලිය යුතුද කියන එක පෙන්නන එක තමයි ප්‍රධාන වශයෙන් නාභිය ලක්ෂයෙන් කරන්නෙ. ඡායාරූපයක් ගන්නකොට (compose කරනකොට) කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි ඡායාරූපයක් තුළ නාභිය ලක්ෂයක් තෝරා ලබා දෙන එක.

ඡායාරූපය තුළ නාභිය ලක්ෂය තෝරා ගැනීමේදී අත්‍යවශ්‍ය වස්තූන් පමණක් නාභිගත කරන්න යොදාගන්න. ඒ වස්තූන් තෝරා ගත යුත්තේ ඡායාරූපයේ සංයුතියේ ශක්තිය හා භාවප්‍රකාශනය ඉස්මතු වෙන විදිහටයි.
  • ඡායාරූපයට නගන්නෙ මිනිසුන් හෝ සතුන් නම් පුළුවන් තරම් එයාලට ලං වෙන්න.
  • දර්ශනයක් නම් ඡායාරූපයට ගන්නට බලාපොරොත්තු වෙන්නෙ ‍ඡායාරූපයේ රාමුව තුළට ඇතුළු කරගන්න සිත්ගන්නා දෙයක් හොයාගන්න. බලන්න පහළ ඡායාරූපය. කඳු, මුහුදු වෙරළ ඡායාරූපයට ගැනීම ඉතාම හොඳයි, නමුත් ඒවායින් කීයෙන් කීයද මතක සටහන් ඉතිරි කරන්නෙ? ඒ උනාට කඳු ගැටයක් නගින කඳු නගින්නෙකුගේ ඡායාරූපයක්, මුහුදු රළක් උඩ නැග එන රළ පදින්නෙකුගේ ඡායාරූපයක් කොතරම් තාත්විකද? එය ඔබගේ දෘශ්ටිමානය කෙතරම් ඉහළ මට්ටමකට ගෙන යනවාද?

ඉවත් කළයුතු ප්‍රශ්න: විශාල පසුබිම් (ඡායාරූපයේ ගත යුතු දෙයක් නැති වෙනව), අපිළිවෙල (අවුල් වියවුල් සහිත රාමුවක්, ඡයාරූපය කැත කරනව), ලඟ බලා සිටින්නෝ (ඡායාරූපයේ ඉඩ අහක යනව.)

5 comments:

  1. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..දිගටම ලියන්න. දෑනුම බෙදා දෙනවට ස්තූතියි..

    ReplyDelete
  2. ඒක මට සතුටක්, දන්න දේ අනිත් අයට කියල දෙන එක කොච්චර සතුටක්ද... :)

    ReplyDelete
  3. මචං මට කියපන් සාමාන්‍ය ඩිජි කැම් එකකින් (ඒ කියන්නේ අර සාක්කුවේ දාගෙන යන) පුලුවන්ද මැක්‍රො මෝඩ් එක ඇරුණම depth of filed පින්තූර ගන්න.

    අනික කියන්න පුලුවන්ද මැනුවල් මෝඩ් එකේ exposure + අගයන් වලයි - අගයන් වලයි වෙනස සහ මොන වෙලාවටද සහ කොහොම අවස්ථාවලද ඒක වෙනස් කරන්නෙ කියලා.

    ReplyDelete
  4. ඔයා පොඩ්ඩක් තේරුම් අරන් තියෙනව වැරදියි. "depth of filed පින්තූර ගන්න"? depth of field කියන්නෙ ඡායාරූපයක තියෙන ලක්ෂණයක් මිසක් මෝඩ් එකක් නෙමෙයි. ඒ කියන්නෙ ඡායාරූපයේ ගැඹුර.
    සාමාන්‍ය compact digital camera එකකින් macro ගන්නව කියන එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි, ඒවයෙ තියෙනව Closeup/macro කියල මෝඩ් එකක්, එකෙන් ඇත්තම කිව්වොත් මැක්‍රෝ ගන්න බෑ, චුට්ටක් සමීප රූපයක් ගන්න විතරයි පුළුවන්.

    Exposure එකෙන් කරන්නෙ ඡායාරූපය තුළ ආලෝක තත්වය පාලනය කරන එක. වටපිටාව අඳුරු නම් exposure එක වැඩි කරල කැමරාව තුළට වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළු වෙන්න ඉඩ සලස්වන්න, වටපිටාව ආලෝකමත් වැඩි නම් exposure එක අඩු කරල කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය අඩුකරගන්න.

    ReplyDelete