Thursday, September 3, 2009

Basic Camera Modes

කැමරාවේ ඇති විවිධ modes




ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ නෑ.
කැමරාවේ ස්වංක්‍රීය හා ස්වංක්‍රීය නොවන modes කිහිපයක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියල.
බලන්නකෝ, කැමරාවෙ මෙන්න මේ වගේ භ්‍රමණය කළ හැකි ආකාරයේ knob එකක් තිබෙනව, එහි තිබෙනව යම් යම් modes ටිකක්, ඒව අපි එකිනෙක හඳුනා ගනිමු.



මේ ටික ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබනව.
  1. Basic Zone
  2. Creative Zone


මුලින් බලමු Basic Zone එක ගැන.
මෙහි කරන්නේ කැමරාව තුළ මුලින් සකසා ඇති විධාන (Pre-defined settings) වලට අනුව ඡායාරූපය ලබා ගැනීම. අපි ඒ අදාල mode එකක් තෝරාගෙන ඡායාරූපයක් ගත්තොත්, ඒ තෝරාගත් mode එකට අදාළ settings වලට අනුව ඡායාරූපය ලබා දෙනව.
මේ සියල්ල හැඳින්වෙන්නේ automatic modes විදිහට.





Fully Automatic 

පළමු එක තමයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය ආකාරය. මේක තමයි පහසුම mode එක, ඔබට කිසිම දෙයක් හොයන්න කරන්න නෑ, ගැනීමට අවශ්‍ය දෙයට නාභිගත කරල ඡායාරූපය ගැනීම විතරයි කරන්න තියෙන්නෙ. අවශ්‍ය සියලුම settings කැමරාව මගින්ම තීරණය කරල ඡායාරූපය ගන්නව.
සාමාන්‍ය ඡායාරූපයක් ගැනීමේදී මේක තමයි පහසුම. නමුත් මේක නිර්මාණාත්මක ඡායාරූපයක් ගැනීමට කොහෙත්ම සුදුසු නෑ.
සැ. යු. : කැමරාවපරිසරයේ තියෙන තත්ව බලල උපකල්පනය කරනව මේ දැන් ගන්න යන්නේ මෙන්න මේ ආකාරයේ ඡායාරූපයක් කියලහැබැයි කැමරාව වැරදි වෙන්න පුළුවන්.



Portrait mode
පුද්ගලයෙකුගේ සමීප ඡායාරූපයක් ගැනීමේදී තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. සම්පූර්ණ පසුබිමම බොඳ කරල දාල, පුද්ගලයාගේ රූපය විතරක් නාභිගත වෙන විදිහට තමයි මෙහිදී ඡායාරූපය ගැනෙන්නෙ.
පුද්ගලයාගෙන් ඡායාරූපය පිරෙන ආකාරයට ඡායාරූපය ගත යුතුයි, එය, කැමරාව පුද්ගලයා දෙසට ලන් කිරීම හෝ විශාලනය (zooming) කිරීම මගින් කළ හැකියි.
බොහෝ විට මෙහිදී ගැනෙන්නේ පුද්ගලයාගේ මුහුණ පමණක් හෝ මුහුණ හා උරහිස් ප්‍රදේශය පමණයි.
ආලෝක තත්ව මදි නම් සැණෙලිය භාවිතා කරන්න පුළුවන්.


Macro mode




නම macro උනාට මේකෙන් කරන්නෙ ඉතා කුඩා දේවල් ඡායරූපයට නැගීම. කුඩා කෘමියෙක්, ලස්සන මලක්, හෝ වෙනත් කුඩා දෙයක් ඡායාරූපයට නැගීමේදී ඔබ භාවිතා කළ යුත්තේ මෙම mode එක. මෙහිදී සැලකිය යුතු තවත් කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනව. මම ඒ ගැන පසුවට කියන්නම්.
මෙහිදී ඡායාරූපයට නැගෙන දෙය කැමරා කාචයට 2 – 10 cm ඈතින් තමයි තිබිය යුත්තේ. හුඟාක්ම ලඟින් තිබෙන නිසා කැමරාව හැසිරවීම ඉතාම පරෙස්සමෙන් කළ යුතුයි, මොකද කැමරාවේ ඉතා කුඩා සෙලවීමකින් නාභිගත වීම නැතිවෙනව. මෙම mode එකේදි tripod එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්.





Landscape mode
මේක හඳුන්වල දෙන්න පුළුවන් macro mode එකේ විරුද්ධ එක කියල. ඡායාරූපයේ ගැඹුර හුඟක් වැඩි කරල, ඉතා ඈත තිබෙන දේවලුත් නාභිගත වෙන විදිහට ලොකු ප්‍රදේශයක ඡායාරූපයක් ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. පරිසරයේ ලස්සන ඡායාරූප ගතකරනවනම් මේක තමයි ඔබ භාවිතයට ගත යුතු Landscape mode එක.



සැ. යු. : තිබෙන ආලෝක තත්වය අනුව කැමරාව, අඩු shutter speed එකකට යන්න ඉඩ තියෙනව, එම නිසා කැමරාව නොසෙල්වී තබා ගැනීම සඳහා tripod එකක් භාවිත කරන්න පුළුවන්නම් හොඳයි.


Sports mode (Action mode)






චලනය වෙන වස්තුවක් ඡායාරූපගත කරනකොට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. ක්‍රීඩකයෙක්, ගමන් කරන වාහනයක්, දුවන සතෙක් වගේ ඡායාරූපයක් ගැනීමේදී මෙම mode එක හුඟක් ප්‍රයෝජනවත්. මෙහිදී කරන්නෙ, චලනය වන වස්තුව නිශ්චල කර (freeze) ඡායාරූපය ලබා ගැනීම. මේකට ටිකක් හැකියාව ඕනෙ, මොකද චලනය වන වස්තුවකට නාභිගත කර ගැනීම ටිකක් අපහසු කාර්යයක් නිසා.
නමුත් සමහර කැමරා වල මීට විසඳුමක් තිබෙනව, AI SERVO. ඒකෙන් කරන්නෙ, චලනය වන වස්තුවට එක්වරක් නාභිගත කරගත් වහාම එම ස්ථානයට නාභිය සිරකර ගැනීම (Focus Lock). එවිට වස්තුව කොහේ ගියත් හැම වෙලේම කැමරාව වස්තුවට නාභිගත වෙලා තමයි තියෙන්නෙ. එක දිගට ඡායාරූපාවලියක් (continuous shooting) ගැනීමේදි මේක ඉතාම ප්‍රයෝජනවත්.







Night mode

නමෙන්ම තේරෙනවනෙ මොකද්ද කියල? අඳුරු අවස්ථා වලදී (අඩු ආලෝක තත්ව යටතේ) ඡායාරූප ගැනීමට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. පෙරබිම (foreground) ආලෝකමත් කිරීමට සැණෙලිය (shutter) ක්‍රියාත්මක වන අතරම, පසුබිමෙන් (background) වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉතා අඩු shutter speed එකක් භාවිත වෙනව. දිගු වේලාවක් ශටරය විවෘත වෙලා තියෙන නිසා, tripod භාවිතය අත්‍යවශ්‍යයි.
නමුත් ඔබට ඕනෙ නම් නිර්මාණාත්මක, විනෝදාත්මක ඡායාරූපයක් ගන්න, පසුබිම බොඳ කරල එහෙම, අතේ තියාගෙන ඡායාරූපය ගත්තට කිසිම වැරැද්දක් නෑ.
ආලෝකයෙන් පිරි, රාත්‍රී සාදයක්ට නම් කියාපු mode එක. ලස්සන ඡායාරූප ටිකක් ගන්න පුළුවන්.






Video mode
සමහර කැමරා වලින් පුළුවන් ඡායාරූප ගැනීමට අමතරව, විඩියෝ දර්ශනත් සටහන් කරගන්න, මෙම mode එක තෝරාගත්තම ඔබට video recording කරන්න පුළුවන්.


මීළඟට කතා කරමු, creative zone එක ගැන. ඔබ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙන් වෙන්න කැමති නම් මෙම modes ටික ගැන හොඳට දැනගෙන ඉන්න ඕනෙ.

9 comments:

  1. මාධව මල්ලීට ස්තුතියි මේව ගෙ වැදගත් දෙයක් අපට කියල දුන්නට..මට ප්‍රශ්න කීපයක් දැනගන්න තියනව..
    1. මට අඩු මුදලට ගන්න පුලුවන් හොඳ කැමරා වර්ගයක් කියනවද?

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  3. දෙන්නටම ස්තුතියි මේ දිරිගැන්වීම් වලට.
    @ ඉන්දික : සමාවෙන්න අය්යා, මම වෙළඳපළ තත්වයන් ගැන නම් එච්චර දන්නෙ නෑ. මම පොඩ්ඩක් හොයල බලන්නම්.

    ReplyDelete
  4. හුගක් දෙනා අතපත ගාන ඒ වුනාට හුගක් දෙනා නොදන්න දෙයක් ගැන මේ කියල දෙන එක හුගක් වටිනවා. මම ගාව තියනවා DMC-FZ20 PANASONIC 12X OPTICAL ZOOM DIGITAL CAMERA එකක්.එහි ලෙන්සයේ fungus බැදී තිබෙන අතර එය ඉවත් කිරීමට මම කිහිප ස්ථානයකටම ගියත් වැඩේ අසාර්ථක වුනා. Photo technica වෙත ගියද ඔවුන් කියා සිටියේ කැමරාවේ සීල් තබා තිබෙන නිසා fungus ඉවත් කීරීමේදී මෙහි zooming වල ප්‍රශ්නයක් ඇතිවේවි කියාය.මේ සදහා වෙනත් ස්ථානයක් තිබේද?මාගේ මිතුරෙකු පැවසු ලෙස මෙයට විශාල මුදලක් වැයවේ.එය ඇත්තද?
    දිගු ගමනකට ඔබට ආසිරි.

    ReplyDelete
  5. කාච පද්ධතිය තුළ නම් පුස් බැඳී තිබෙන්නෙ, ඒක කොටස් වලට ගලවල පිරිසිදු කරන්න පුළුවන්, නමුත් ඒ කාර්යය සඳහා පෙර පුහුණුවක් / ඒ සම්බන්ධ හොඳ දැනුමක් හෝ අලුත්වැඩියා කිරීම පිළිබඳ අත් පොතක් නම් අත්‍යවශ්‍යයි. ඒ ගැන දැනුමක් නැතුව නම් ඒක කරන්න කොහොමවත් හොඳ නෑ. කාචයේ ඇතුළු මුහුණත් Methylated spirits/Thymol/Acetic acid/Hydrogen peroxide එකකින් පිරිසිදු කළ හැකියි.
    සමහරෙක් UV ආලෝකය යොදා පුස් විනාශ කරන්න යන්න ඉඩ තියෙනව. ඒත් සමහර වෙලාවට වෙන්නෙ අනිත් පැත්ත, UV ආලෝකය නිසා පුස් වල වර්ධනය දියුණු වෙන්න පුළුවන්.
    කණගාටුදායක දේ තමයි, සීල් කර තිබෙන කොටස් වල පුස් ඉවත්කර යළි භාවිතයට ගැනීමට යාම, බොහෝවිට මූල්‍යමය වශයෙන් නිශ්ප්‍රයෝජනයි. මොකද සීල් කිරීමට යොදා ඇති ද්‍රව්‍යයන් රත් කිරීම මගින් ඉතා සීරුවෙන් දියකර හැරීමෙන් තමයි, කොටස් වෙන් කිරීම කරන්නෙ, ඉන්පසු ඒව යළිත් ඇලවීම විශේෂඥයෙකුට විතරක් කරන්න පුළුවන් වැඩක්. ඒක ඇත්තටම සැළකියයුතු මුදලක් වියදම් වන වැඩක්.
    මේ පිළිබඳ විශේෂ දැනුමක් තිබෙන කෙනෙක්ගෙන්ම ඇහුවොත් තමයි වඩා හොඳ.

    ReplyDelete
  6. මගෙ සැම්සුන් S760 එකේ තියනවා අතක සලකුණක් එක්ක DIS කියලා Mode එකක් සහ SCENE කියලා Mode එකක්. මේ දෙකින් කරන්න පුලුවන් මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිළි කරලා දෙන්න පුළුවනිද?

    ReplyDelete
  7. Scene Modes කියන එක තෝරල ඔයාට පුළුවන් කැමරාව එම අවස්ථාවට අනුකූල ලෙස සකසා ගන්න, ඒකෙ තවත් සැකසුම් ටිකක් තියෙනව, Children, Landscape, Close-up, Text, Sunset, Dawn, Backlight, Fireworks, Beach & Snow හා Night කියල. මේවායින් අවශ්‍ය එක තෝරල ඔබට පුළුවන් කැමරාව එම අවස්ථාවට ගැළපෙන විදිහට සකසා ගන්න.
    DIS කියන්නෙ Digital Image Stabilization කියන එක. ඒක පාවිච්චි වෙන්නෙ කැමරාව සෙලවෙනකොට සිද්ද වෙන ඡායාරූපයේ සෙලවීම් වලක්වන්න. මේක ක්‍රියාත්මක කරල තියෙනකොට, ඡායාරූපයක් ගැනීමේදී කැමරාව කුඩා සෙලවීමක් උනොත් කැමරාවෙ තිබෙන කාච පද්ධතියෙන් ඒ සෙලවීම මගින් රූපයේ වෙනස් වීම නවත්වනව, කාච පද්ධතියේ සීරරු මාරු කිරීමක් මගින්. (සරළව කිව්වොත් නාභි ගතවූ තැන ස්ථිරව තියාගන්න කාච පද්ධතිය ඇද වෙනව)

    ReplyDelete
  8. ආ, දෙයක් කියන්න අමතක උනා, DIS තියෙනකොට, සෙලවීම් වියහැකි අවස්ථා වලදි භාවිතා කළ යුතු ත්‍රිපාදයක් භාවිතය අනවශ්‍ය වෙනව, මොකද කැමරාව මගින්ම ඊට විසඳුමක් සපයල දීල තියෙන නිසා.

    ReplyDelete
  9. Hoda cam akak kiyannako ayiye price akayi mp ganath ekka

    ReplyDelete