Monday, December 28, 2009

ඡායාරූපයක ගැඹුර (DOF)

ඡායාරූපයක ගැඹුර නැත්තම් Depth Of Field කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ල ලිපියක මම කියල ඇති. (ඒක මෙතනින් කියවන්න

ඉතින් ගැඹුර වැඩි නම් (larger DOF) ලඟ වගේම ඈත වස්තුත් නාභිගත වෙනව, ගැඹුර අඩු නම් (shallow DOF) එක වස්තුවක් නැත්තම් එක තලයක් විතරයි නාභිගත වෙන්නෙ. 


කොහොමද ගැඹුර අඩු ඡායාරූපයක් ගන්නෙ?
මෙහිදී පසුබිම ඇති වස්තූන් බොඳ කරල දාල අවශ්‍ය වස්තුව පමණක් තියුණුව පැහැදිලිව, මතු කරල ලබා දෙනව.
මේක කරන්න පුළුවන් අවස්ථා 2ක් තියෙනව.
  • Portrait Mode  
  • Macro Mode
පළමුවැන්න භාවිත කරන්නෙ පුද්ගල ඡායාරූප ගන්න, දෙවැන්න සමීප වස්තූන්ගේ ඡායාරූප ගන්න.


Portrait Mode
මුලින්ම කැමරාව Portrait mode එකට දාගන්න. එතකොට කැමරාව විශාල aperture එකකට සකස් වෙනව.
ඕනෙ නම් Aperture Priority mode එකට දාගෙන අවශ්‍ය පරිදි සැකසුම් සකසා ගන්න.
අවශ්‍ය අවස්ථා වල telephoto lens එකක් භාවිතා කරන්න.
වස්තුව / පුද්ගලයා මගින් ඡායාරූපය පුරවාගන්න.
වස්තුවට ලන් වෙන්න ලන් වෙන්න DOF අඩු වෙනව.
දැන් හරි, ඡායාරූපය ගන්න.




Macro Mode
මේකෙත් වැඩි වෙනසක් නෑ. portrait mode එකට නැතුව macro mode එකට කැමරාව සකසාගන්න.
ඊට පස්සෙ වස්තුවට ලන් වෙලා, හරියට නාභිගත කරගෙන ඡායාරූපය ගන්න තමා තියෙන්නෙ.
අවශ්‍ය නම් macro lens එකක් භාවිතා කරන්න.






කොහොමද ගැඹුර වැඩි ඡායාරූපයක් ගන්නෙ?
මේ ආකාරයේ ඡායාරූප ගන්න පාවිච්චි කරන්නෙ Landscape mode එක. මේකෙදි ඡායාරූපය තුළ තිබෙන සියළුම වස්තූන් නාභිගත කරගනු ලබනව. ලස්සන පරිසර දර්ශනයක් ගන්න මේක තමා පාවිච්චි කරන්න ඕනෙ. 
මුලින්ම කැමරාව landscape mode එකට දාගන්න. එතකොට කුඩා aperture එකකට කැමරාව සකසුම් සකසා ගන්නව.
ඕනෙ නම් Aperture Priority mode එකට දාල අවශ්‍ය පරිදි DOF හදාගන්න ඔයාලට පුළුවන්.
Wide Angle Lens එකක් පාවිච්චි කරල ඉතා ගැඹුරු DOF එකක් ලබා ගන්න පුළුවන්.
වස්තුවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න, DOF වැඩි වෙනව.




ඊලඟ ලිපියෙන් RAW images ගැන බලමු.



4 comments:

  1. නියමයි!
    කලින් ලිපියත් කියෙව්වා, ඒකෙනුත් ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තුතී ලිපි වලට.

    නමුත් මේ වැඩ දාන්න DSLR එකක් නැහැනේ :(
    සාමාන්‍යයෙන් ටිකක් හොද එකක් කීයක් වේවිද? හැකිනම් උපදෙසක් දෙන්න.
    ස්තුතියි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි. මේ ලිපි පෙළ ලොකු උදව්වක් :)

    ReplyDelete
  3. ඇත්ත. DSLR එකක් තියේ නම් මාර වෑඩ තොගයක් දැම්මැකි. ඒකක් නම් අඩුම ගානෙ 50ක් පනිනව.
    හොඳ Compact Digital Camera එකක් නම් 20 - 30 අතර ගාණකට ගන්න පුළුවන්.

    ReplyDelete
  4. ඇත්තෙන්ම ඉතාමත් ප්‍රයෝජනවත් බ්ලොග් එකක්. මාත් මේ පැත්තට හරි ආසයි. ඒ නිසාම මාත් ෆොටෝ බ්ලොග් එකක් පටන් ගත්තා. ඉතින් ඒ පැත්තෙ එන්න කියලා විශේෂයෙන්ම ඔයාට ආරාධනා කරනවා. හැබැයි ඇවිත් විතරක් බෑ... ගුණ දොස් විවේචනයකුත් ඕනා...
    http://photosofpvgm.blogspot.com/

    ReplyDelete